Posts

Showing posts from February, 2020

සිහින

ගෙන තෙළබණුව ජංගම සොයාගෙන කියූ වෙබ් අඩවිය ඔබා හැඳුනුම්පත් අංකය ඉදිරියෙන් පරිශීලක නාමය යෙදුවේ මුර පදයට තැපෑලෙන් ලද අංකයයි මම අංක කැමති ලෙස තෝරා සළකුණු කර නිමවා තත්පරයෙන් බොත්තමක් හරහා මගේ ඡන්දය දන්වා යැවුවා රූපවාහිනී තිරයක ගිරා පෝතක දෙපලක පසුබිමේ තිරයක උණු උණු ප්‍රතිඵල පෙන්නන්නේ විලසටයි රියැලිටි වැඩසටහනක මහා පතරංග කොල පෝරම රැකවරණෙට රැලක් රජ සේවක නැත කිසිවෙකු මහා ඡන්දෙකට ගැණුම් කෙරුනෙත් පරිගණක ඇසුරෙන හැම හොඳ දෙයකම අවසනක් තියෙනවා අසා ඇත කියමනක් සිහිනයකට පමනක් වේද එහි යම් වෙනසක් කන පසා කල ට්‍රිලිං නාදයක් අවදිකෙරුවා මා නව දිනක උදාවක්

අකාලයේ පර මල

පූදින්නට පෙර පෙති විසුල මල් කැකුළු රැසකට පසු පිපුනු මල දඩබ්බරකම් කරමින් සිටිය අකාලයේ පරව දිය සුළියකට හසුව මහා රුක මල් බර දැරුව මහා සුළි සුළඟකටවත් නොසැලුණ වියලී ගියයි අනපේක්ෂිතව සෝ තැවුල දරාගනු බැරුව

කතර උපත

සිසිල් දිය දහරාදියෙන් සුපෝෂිත වන දෙරණ චණ්ඩ හිරු කිරණින් බැට කෑ ලතා මණ්ඩප පරඬැල් ව වෘක්ෂලතා අතුරුදහන් වෙද්දී නදී දිය ද වියලී ගියෙන් මද නල සැඟව කාන්තාරයක් උපද්දාලිය

දෘශ්ඨි කෝණ

සත්‍යයෙන් අසත්‍යයත් අසත්‍යයෙන් සත්‍යයත් මතු කරයි

ගමන

පියා නෙත නසා සිත තනි තනිව යමු ගමන

නිහඬ සංග්‍රාම

අසීමාන්තික කෝප ගිනි ඇවිලෙන බිඳුණු රාජධානියක සොවින් හද පිපිරුණ නෙලාගන්නා උමතුවේ අග්‍රඵල නරපතිඳු දේශයක ඉපදුනු පින අත දරා නිහඬ සංග්‍රාමයක පැටළුන රණවිරුවන් පයට පෑගෙන්න දුහුවිලි පොදක් අකමැතිය

සිනහා ඇලවීම

ඉසිඹු ලබමින් නේක කටයුතු ගගන තලයම පීර පීරා කොතෙක් සෙව්වත් හිත් ගත් තාරකා පුංචා නොපෙනෙනා බව චූටි දෝණිට කියා දීලා සමච්චලයට මට හිනාවී මගෙ සිතට දැන් ඇතිම වීලා ඔබ සැරිසරණ තැන් කොහෙද සිතලා අහඹු ලෙස රස්තියාදු වීලා පරාජිතවී සිනහා අලවා සිනා දහසක් නගන හන්දා

සුළු වරද නොතකන

ධනවත් මා පියන් සුළු වරද නොතකන මනාලයෙක් සොයා ගත්තද මුදලට ගිජුකමම දිවිය අපායක් කරවන බව සයනයේ කුමරි බඹසර නොපෙන්වූ පවින් හැමදින පළිගැනීමට ලක්වුන දිවි නසා ගත් දියණියගෙ ලියමන කියවූ මව් පිය වටහා ගන්නා විට බොහෝ පමාවීයැයි කියවින

තහංචි

සෙනෙහසක තහංචියෙ විලංඟුවෙන් බැඳදැමුව මටම මම හමුවනා දිනය තව බොහෝ දුර ඈත මම ඔබේ කියන විට අසන්නට මට බොහොම තිබෙන පැන දරන සිත බොහොසේ බරයි විඩාපත්ව

ත්‍රාස සන්ත්‍රාස

සන්ත්‍රාසය පරදවා ත්‍රාසය කවුළු දොරින් එබිකම් කලෙන් සඟවා මනස්තාපය පුබුදුවාලූයෙමි මන:කල්පිත ප්‍රීතිය

සඳ ආගමනය

පොසොන් සඳ සුදු වලා අතරින හෙමි හෙමින් එයි එබී බලමින අඳුරු ලෝකෙට එළිය ගෙනෙමින දස මසක් කුස දරා සිටි සඳ වඩිනු සැරසෙනු දැනේ මා ගත විළිරුදාවෙන් ඇවිලෙනා සඳ

සින්ඩරෙල්ලා

සින්ඩරෙල්ලා මැදියමට පෙර කුමාරයාගෙන් හනික මිදී පාර හරහා දිව යනවිට රාජකීය රථයේ හැපී දකුණු පාදය ඉවත් කර ඇත වැරහැලි නිසා කුමාරයා අහක බැලුවා පෙර කර්මයකට ගිළිහුන සපත්තුව දමන්නට අහෝ පාදයක් ඇයට අද නැත..

ඇය

මලක් ලෙස සිපගත් මවක් යයි නම් ලත් ඇසුවෙන් මුසා බස් වෙසගනක් නම් ලත්

වස් කවිය

වැහි වළාකුළු නොමැති අහසින් හෙන කදන් ඔහෙ කඩා වැටියන් සිහිල් ජලයත් වසම වීලා ජීවන කතරම සිදී පලයන් අනවරතයේ චෝදනා දෙන දිවත් සත් කඩකටම පැලියන් උපනුපන් සසරෙ කිසිම දවසක මගේ දිවී අසලකවත් නොසිටින්

Vicious wishes

Beware that Vicious wishes May come true Not the way Best for you destiny is cruel So dont ask for death You will be crippled Almost dead While you are living With responsible For all your sins

සැමියා අතුරුදන්

රාහු බලවත්ය ජීවිතය අවදානම්ය සෙනසුරු දෘෂ්ටියත් වැටිලා කලක් ගතවීය අත් තලය මත රේඛා බලවත්ය හිස නම් කාටවත් නොනැමෙන සුළුමය විවාහය කල් ඇල්ලීම පුදුමය ඇගේ මරණය අභිරහසක්මය සැමියා අතුරුදන්ය

දිවි අදෝනා

සාගින්දරෙන් දැවී දැවී ගම් වැදුනු වරදට දී ගුටී මාරයා වෙත මා යැවී තිරිසනා කවුදැයි අසනෙමි වන ජීවී මහතුන් ගන්නා පඩී අලි රකින්නට යොදවතී අපිව රකිනට නැහැ කිසී ඇස් අරින්නට කල හරී අපේ වසමක් නැහැ රැකී මනු සතුන් එය වනසතී මගේ සාපය මෙය වෙතී ඔබේ ලෝකය යයි මැරී

සිනහව

ඔබ මගෙන් උදුරා ඇයට දුන්

විසිරුණු පෙති

නිල් තණ තලාවේ මලානිකව වැතිර සුසුම් හෙලනා විසිරුණු පෙති එකින් එක එකතු කර චිත්‍ර පොතේ  පිටුවක් පුරා ඇලවූයෙමි අලුත් මල්  පිපී ඇතුවා මෙනි

ජීවිතය

කාන්තාරයේ ක්‍රියාවිරහිත මෝටර් රියක හිරවුනු මගියෙක්

භාර හාර

Image
නිරතුරු අවමන් විඳින සඳ දන ඉතිරි නැති ඉපයුමින් පීඩිත සරණ නැතියෙන් මෙලොව සවියෙන නාඳුනනා බල යදින අටියෙන පැතුම් හිරකර බඳින බාරෙක දුක් සුසුම් කන්දරාවක් ඇත