පරපුරේ මහ කුළුණු එකින් එක පෙරළුනා දෙවෙනි පෙළ බල කණුද අකලටම ගැලවිලා දිවියෙ අනියත බවම මතකයට නැංවුවා ඇය පිළිබඳ මගේ පලමු මතකය මගේ විවාහ උත්සව දිනයි. හා පැටියෙක් වන් දූ පැටියෙක් සමඟ මගේ ළඟට පැමිනි ඇය , නංඟියෙ මේ දුවට මනමාලිව ළඟට බලන්න ඕනා කියනවා කිව්වාය. දුව මගේ සාරියද මල් කළඹ ද අතගා බැලූ අතර මලක පෙති ගැලවුනි. ඇය බොහෝ කනගාටු වූවත් මම ඉතින් කොහොමත් මේ මල් කළඹෙ කාලය අවසන් බව පවසා ඇය අස්වැසුවෙමි. අපි එදිනම බොහෝ සමීපවූ බව එදා මට දැනින. එතැන් සිට අනිවාර්යයෙන්ම සිංහල අලුත් අවුරුද්දට අපි මුණගැසුනෙමු. එසේම ඇය පවුලේ අවමඟුලක ද බණ හෝ දාන ගෙදරකද නොවැරදීම මුණ ගැසෙන ඥාතියෙකු වූවාය. කාන්ති අක්කා අන්තිම වරට මුණ ගැසුනේ නිට්ටඹුව අම්මාගේ වර්ෂපූර්ණ දානය දවසේ පෙවරවාරියෙය. ඇය සිනහා වෙමින් කිවේ නංඟියෙ දුවගෙ විවාහය තිබුනා ඒත් ඔයාලට කියන්න ලැබුනෙ නැහැ. අද කාලෙ හැටි දන්නවනේ ඒත් ඔයාලා තේරුම් ගන්න බව දන්නවා කියාය. ඇය තම ජංගමයාගෙන් බොහෝ ඡායාරූප පෙන්න්වුවාය. ඇය පනස් ගනන්වල අග භාගයේ සිටියත් ඉතා පියකරු කාන්තාවක් විය. අක්කා දුවටත් වඩා ඇත්තටම ලස්සන බව කී විට ඇගෙ සිනහව තවත් පියකරු විය. න...