සිහින

ගෙන තෙළබණුව ජංගම
සොයාගෙන කියූ වෙබ් අඩවිය
ඔබා හැඳුනුම්පත් අංකය
ඉදිරියෙන් පරිශීලක නාමය
යෙදුවේ මුර පදයට
තැපෑලෙන් ලද අංකයයි මම

අංක කැමති ලෙස තෝරා
සළකුණු කර නිමවා
තත්පරයෙන් බොත්තමක් හරහා
මගේ ඡන්දය දන්වා යැවුවා

රූපවාහිනී තිරයක
ගිරා පෝතක දෙපලක
පසුබිමේ තිරයක
උණු උණු ප්‍රතිඵල
පෙන්නන්නේ විලසටයි
රියැලිටි වැඩසටහනක

මහා පතරංග කොල පෝරම
රැකවරණෙට රැලක් රජ සේවක
නැත කිසිවෙකු මහා ඡන්දෙකට
ගැණුම් කෙරුනෙත් පරිගණක ඇසුරෙන

හැම හොඳ දෙයකම අවසනක්
තියෙනවා අසා ඇත කියමනක්
සිහිනයකට පමනක්
වේද එහි යම් වෙනසක්
කන පසා කල ට්‍රිලිං නාදයක්
අවදිකෙරුවා මා නව දිනක උදාවක්

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්