Posts

Showing posts with the label My Thoughts

පූස් කතා 3

දැන් නිවසේ ටුටූ , පූසි , ඈෂි , වින්කි අප හා ජීවත් වූහ. එක් දිනක් ටුටුවා අමුතු විදිහකට කෑ ගසමින් නිවස වටා ඇවිදින බව ළමයින් කියූ අතර අපි සිතුවේ ඔහු මානසික අබාධයකටවත් ලක්ව ඇති බවයි. ඒ වන විට අහිංසක ටුටුවා තක්කඩි මැර ටුටුවෙකු බවට පරිවර්තනය වී හමාරය. හොම්බ කට හැම දා තුවාලය. කෙසේ හෝ හොරේ අහුවුනේ පුංචි පූස් පැටියන් දෙදෙනෙකි පිටුපස නිවසේ තාප්පය උඩින් මතුවන බව දුටු විටය. ටුටුවා අනතුරක් කරයි යන බය නිසා (ඒ නිවසේ පදිංචිකරුවන් සිටියේ නැත. ) තාප්පය උඩින් පොල්කට්ටකට ආහාර ස්වල්පයක් තබා පැටවුන් එළවා දැමීමි. එක් පැටියෙක් කෙසේවත්   යන්නට අකමැති විය. පූස් අම්මාගේ නාදය නෑසූ කන්ව අප නිවසටම ආවාය. ටුටුවාද කිසි හිරිහැරයක් නොකල අතර ඈෂි සහ පූසි නොරිස්සුම් සහගත වූවා පමනි. එක් උදයක කුඩා පූස් පැටවෙකු ගරාජයේ මියගොස් ඇති බව දුටුවෙමි. ජනේලයෙන් මම දැක්කේ එළවා දැම්මත් පැමිනි පැටවා විලසිනි. මගේ සිත ශෝකාකූල විය. විගස දුව ගොස් බලන විට ඒ වෙනත් පැටියෙකි. ඉතින් එදා උදයේ නම් පැටියා ආවත් මා සිටියේ නොදුටු විලසකිනි. ගමනක් ගොස් පැමිනි තාත්තලා සහ පුතුන් නම් එළවා දමන්නැයි කීවද ට්වින්කියි නම් ලද ඇය ගෙදර සැමගේ සිත දිනා ගැනීමේ...

පූස් කතා 2

දිනක් මම මස් ව්‍යාංජනයක් පිසිමින් සිටින විට (මම නොකෑවද නිවැසියන් කෑමති දෑ ආහාරයට ලබා දෙමි) මහා පූස් කෑ ගැහිල්ලකි. සම්බෝලියක් අඬයි. ඇය ගැබ්බරය. එතැන් සිට ඇය මගෙන් කෑම ලද්දාය. මේ කටයුතු හොරෙන් කිරීමට සිදුවූයේ සැවෝම ඉන්න පූසා මදි දැයි අසන නිසායි. ටුටුවාද ඇය වටා කරකැවෙමින් සිටි අතර ඇය කෙරෙහි සිතැති බව වටහා ගැනීමට අටුවා ටීකා අවැසි නොවීය. කිහිප දවසකට පසු මොර සූරන වරුසාවක, විදුලි බලයද නොමැති විටක, මම ටුටූ ට ආහාර ලබාදී පූසිය සෙව්වෙමි. ඇය පැමින මගේ දෙපා මත දැව්වෙටිමි යමක් කියයි. පසුව ඇය පසුපස් ගොස් කාරණය වටහා ගතිමි. අපේ වත්තේ මනාව වැඩුනු තෙබූ කොල ගාලකි ඒ මැද ඇය පැටවෙකු හෝ දෙදෙනෙකු බිහිකර ඇත. ආහාරයට ද ඇගේ ප්‍රියතාවක් නොවීය. මා නිවසට දුවගොස් මගේ බාලම පුතාට කතාකර රහසින් ගස් උඩින් රෙදි කඩක් රැඳවූයේ යම් පමනක ආවරනයක් ලබා දෙනු සඳහාය. පසුදින උදයේ ඇය තම දරු පැටවුන් තිදෙනෙකුත් සමඟ නිවසින් පිටත ආවරණ සහිත කොටසකට පැමින ඇත. ලබා දුන් ආහාර අනුභව කල අතර, මගේ සැමියා පැවසුවේ එදින දහවල ඇය ඔහු දෙපා වෙළෙමින් දැන් සිටින තැන පෙන්වමින් සිටි බවයි. ඒ එතැනට තම පැටවුන් ගෙන ආ හැකි දැයි අසන්නට මෙනි. අපි ඇය හට තම දරුවන් තබා ග...

පූස් කතා 1

  අපේ ගෙදර කවදත් සුරතලෙක් සිටියේ නැත. මගේ මතය වූයේ , සුරතල් සතුන් අපිට කලින් මිය යන නිසා නිකරුනේ සිත් රිදවාගැනීම් ළඟා කරගන්නේ මොකටද කියාය. මට නම් සුරතලුන් හතර දෙනෙකි. ඒ මගේ පුතුන්ය.   එහෙත් පුතුන් ටිකෙන් ටික වැඩෙන විට , ඔවුන්ට සුරතල් සතෙකු අවැසි විය. හැම්ස්ටර් මීයා ( මී උණ ) , බල්ලා (කොහේද ශරීර කෘත්‍ය සඳහා ගෙනියන්න්නේ) , කුරුල්ලො ( කුරුළු උණ ) මෙසේ යෝජනා සහ ඒවාට විරුද්ධ හේතු බොහෝමයකට පසු මගේ මිතුරියකවූ කාමන්ගේ නිවසට ගිය විටක ඇය හාවන් ජෝඩුවක් දුන්නාය. මුලදී වගකීම නිසා කෑම බීම ලබා දුන්නද පසුව හාවන් මගේ ද සුරතලුන් විය. ඔවුනගේ කෑම් බීම සිදුවූයේ මා අතිනි. හා කූඩුව අස් කිරීම තාත්තලා පුතාලාට පැවරින. එක් දිනක් විනොද ගමනක් ගොස් ගෙදරට එද්දී අහල පහල බල්ලන් තාප්පය පැන විත් හාවන් මරා දමා තිබින. අපි සැවොම ඇඬුවෙමු. මමත් ලොකු පුතාත් සදහටම සතුන්ගේ මස් කෑම අතහැරියෙමු. (මට මාළුන්ව ඒ සතුන් හා නොපෙනෙන නිසා මාළු නම් මම තවම පරිභෝජනය කරමි ) එසේ මෙසේ කෙසේ හෝ තවත් සුරතල් සතුන් එපා කියා සිටියත් ටික කලක් යනවිට නැවත මේ කතා ආරම්භ විය. දවසක් පන්ති අවසන්ව එනවිට ලොකු කාර්ඩ්බොඩ් පෙට්ටියක තාත්තාටත් හොරෙන් මෝට...

Promoting English Medium education in Schools

I met a little girl who received 157 for the 5th grade scholarship and was unable to go to a so called “Good School”. (I know her mother gave her time for herself also) She is cheerful with bright eyes. She told me her ambition is to become a Scientist. She insisted not a “Science teacher or Lecturer in Science streame” but a Scientist. Being a single mother who had got through her Advanced Level decided to keep her in the same school as she had no other option. However there is an aptitude test in the school for the English medium. Little girl has got 87 and was third in rank. 10 students were selected for the English medium. One boy cried so much that the class teacher had to transfer him to the Sinhala medium even before enrolling to the new class. Class teacher was good and kind she told me. The very first day teacher who is going to teach Sinace and Maths has taught them only in English with no word of Sinhala. Also taken them to the laboratary and told them no one should touc...

අත හැරීම

අප සති අන්තයේ ක්‍රීඩා තරඟයක් නරඹමින් සිටියෙමු. එය කණ්ඩායම් ක්‍රීඩාවක්වූ අතර අප දරුවෝ ක්‍රීඩකයෝ විය. තනිව තීරණ ගැනීමේ හැකියාව ක්ෂණික තීරණ ගැනීමට යොමු නොවීම අපට පැහැදිළිව පෙනෙන්නට තිබුනු දුර්වලතා විය. සෑම විටම පාහේ දොළහෙන් පහල ක්‍රීඩකයන් පන්දුව අත දරමින් තම ක්‍රීඩා පුහුණු කරු ඊළඟ විධානය දෙනතුරු බලා සිටිනවා වැනි අයුරක් ක්‍රීඩාව පුරා අත්දැකි සිදුවීමක් විය. සමහර මා පියන් පැවසුවේ නිවසේද මෙවැනි ප්‍රවනතා පවතින බවයි. අපි කිහිප දෙනෙක් මෙයට කරුණු විමසන්නට වූයේ දරුවන් හදා වඩා ගැනීමට අත් පොත් අප කිසිවෙකු සතුව නොපවතින නිසාය. දරුවන් අත නොහැරීම මෙයට බලපාන ප්‍රධාන සාධකයක් බව මගේ දැක්ම විය. අපි අපේ දරුවන්ට දැඩිව ආදරය කරන්නෙමු. ඔවුන් උපත ලබන්නට පෙර සිටම ඔවුන්ගේ ලෝකය ගොඩ නගන අයුරු සිහින දකින්නෙමු. පුංචි රන් කුඹලෙක් මැටි ගුලි එකින් එක් ගෙන එමින් නිවස සාදා ආහාරයෙන් පුරවා බිජු හෙලා තවත් මැටි ගුලියකින් වසා දමන්නා සේ අපේ දරුවන්ද හිර කරන්නට උත්සාහ කරන්නේ අධික මා පිය සෙනෙහස නිසාම නිසා මිස වෙන කිසි හේතුවකට නොවේ යැයි සිතා සිටින්නෙමු. ජීවිතය පුරා අත්පත් කර ගැනීම් වලින් සතුටු වන අපට දරුවන් ද අප දේපළක් හා සමාන...

අලි වලප

ගස් බඩගාලා කොස් ගෙඩි කඩලා අප බඩ පිරවූ එහෙවු මැති තුමා දුක සැප බලලා රථ ගැන නොසිතා අප සමගින් සිටි නායක මැතිඳා වන අලි බේරවු කිය කිය ඉඳලා අලි රැළ සමගින් දිවි ගෙවු එතුමා රැකගන්නට අපි නගරෙට දුවලා සළකමු කල ගුණ දිවි ගැන නොසිතා වලස් මල්ලිලා දිවි කොටි මාමලා එකා වන්ව එක පෙළක් සදාලා මැතිඳුන් සහයට යමුද පේවිලා මනු සතුනට පාඩමක්ම වීලා

Achieving SDGs (Speech)

Beyond Ape Gama After yesterday’s judging process of the Sustainable Development Goal implementation of this young crowd, I have thought what to say to this group today, as I have realized you have read and research on SDGs and were in a process to draft declaration to submit to the government. I thought what you have done yesterday is an easy task as you look at the problem as outsiders. No I really did not mean it.  However I have decided to ask few questions on Economic Social and Environment Pillars Economic Pillar Do we use home/ school/ Public Resources with care thinking about their economic value? When we request things do we consider your parents economic condition? Do we consider learning a new skill so that it will be enable us to find future employment? Do we invest on our imagination/ time to innovate/ create new things? On the Social Pillar Yesterday some of the delegates converted everyone to feminists      ...

The role of a law student towards Sustainable Development Goals (Speech)

Let me quote Mr. Antonio Gutters Secretary General of the United Nations “The 2030 Agenda for Sustainable Development is our agenda of hope. It is our contribution to that fair globalization that we need. The Sustainable Development Goals make clear our ambition and commitment. “ New, post-2015 development agenda: a set of 17 goals with 169 targets and further indicators to be pursued by every UN member state until 2030. The new development framework has sought to improve on the Millennium Development Goals (MDGs) in breadth, complexity and applicability. Number of the stated objectives apply beyond a specific sector to form fundamental building blocks for the agenda as a whole. The main theme of SDG is that current generation can achieve everything without compromising the same for the future generations and it is necessarily linked with the concept of inter-generational equity. The SDGs are ‘a plan of action for people, planet and prosperity’. They seek to strengthe...