පූස් කතා 3
දැන් නිවසේ ටුටූ, පූසි, ඈෂි, වින්කි අප හා ජීවත් වූහ. එක් දිනක් ටුටුවා අමුතු විදිහකට කෑ ගසමින් නිවස වටා ඇවිදින බව ළමයින් කියූ අතර අපි සිතුවේ ඔහු මානසික අබාධයකටවත් ලක්ව ඇති බවයි. ඒ වන විට අහිංසක ටුටුවා තක්කඩි මැර ටුටුවෙකු බවට පරිවර්තනය වී හමාරය. හොම්බ කට හැම දා තුවාලය.
කෙසේ හෝ හොරේ අහුවුනේ පුංචි පූස් පැටියන් දෙදෙනෙකි
පිටුපස නිවසේ තාප්පය උඩින් මතුවන බව දුටු විටය. ටුටුවා අනතුරක් කරයි යන බය නිසා (ඒ
නිවසේ පදිංචිකරුවන් සිටියේ නැත. ) තාප්පය උඩින් පොල්කට්ටකට ආහාර ස්වල්පයක් තබා පැටවුන්
එළවා දැමීමි. එක් පැටියෙක් කෙසේවත් යන්නට අකමැති
විය. පූස් අම්මාගේ නාදය නෑසූ කන්ව අප නිවසටම ආවාය. ටුටුවාද කිසි හිරිහැරයක් නොකල අතර
ඈෂි සහ පූසි නොරිස්සුම් සහගත වූවා පමනි. එක් උදයක කුඩා පූස් පැටවෙකු ගරාජයේ මියගොස් ඇති
බව දුටුවෙමි. ජනේලයෙන් මම දැක්කේ එළවා දැම්මත් පැමිනි පැටවා විලසිනි. මගේ සිත ශෝකාකූල
විය.
විගස දුව ගොස් බලන විට ඒ වෙනත් පැටියෙකි. ඉතින් එදා
උදයේ නම් පැටියා ආවත් මා සිටියේ නොදුටු විලසකිනි. ගමනක් ගොස් පැමිනි තාත්තලා සහ පුතුන්
නම් එළවා දමන්නැයි කීවද ට්වින්කියි නම් ලද ඇය ගෙදර සැමගේ සිත දිනා ගැනීමේ රුසියෙකු
විය. ඇගේ බුහුටිකම් වලට හසුවූ ගෙදර පියා ද තම අකමැති කම ඇය වෙත නොපෑවා පමනක් නොව ඇයව
කිසි කලක ගෙදරින් එළවා නොදැම්මේය.
ට්වින්කිගේ නම දැමීමද තවත් කතාවකි. ටිවින්කී අපේ නිවසට
පැමිනීමට සති 2-3
කට පෙර දෙමලිචි පැටියෙක් කූඩුවෙන් වැටී අපි බොහෝ වෙහෙස මහන්සිවී ආරක්ෂා කර ගත්තෙමු.
ඇයට මම ට්විටීයි නමක් දැමූ අතර ගෙදර බැල්කනියේ දොර වසා එහි රඳවා තැබුවෙමි. මා කොතරම්
ආතතියට පත්ව සිටියාද නම් ඉතිරිව තිබූ වාර්ෂික නිවාඩු තුන ලබා මේ කුරුළු පැටවා පිටත්
කර හැරීම මගේ අභිප්‍රාය විය.
කුරුළු දෙමාපියන්ගෙන් සහයක් නොලද නිසා කෑම කැවීමද කරන්නට
තිබුනේ අපටමය. දිනපතා පියෑඹීම පුරුදු කිරීම සඳහා පැටවා මිදුලට ගෙනයාම දැඩි ආරක්ෂිත
රැකවරණ මැද මම සිදුකරන ලදී. ඒ උදයේද හැමතැනම බලා සියළු පූසන් නින්දට වැටී ඇති බව තහවුරු
කරගත් මම ට්විටිව මිදුලට රැගෙන යන ලදී. අවාසනාවක මහත, වතු
සුදු ගස තුල සැඟව සිටි ඈෂියා පැන කුරුළු පැටවා අල්වා ගත් අතර මරණයට පත් විය. ඉතින්
මට හිතුනේ මේ ඇවිත් ඇත්තේ ඒ ට්විටි බවයි මේ පූසෙකු නිසා ට්වින්කි නම මා විසින් දෙන
ලදී. ඒ කුරුළු පැටවා ගේ මෙන්ම මේ පූස් පැටවාගේ ද ඇසක් කුඩාය.
කෙසේ නමුත් ටිවින්කියා මුල් වරට පැටවුන් දෙදෙනෙකු දැමූ
අතර වහලයේන් පැන උගුඩුවා කලවැද්දන් ඇල්ලීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නද ඒ පැටවුන්
මිය ගියේ අවාසනාවන්ත අයුරිනි.
එහෙත් ට්වින්කියා අපිට විශේෂ පූස් පැටවෙකි ලබා දුන්නාය
ඒ තීටායි. විටමින් බී ඌනතාවයක් සහිතව යම් ආබාධිත තත්වයකින් උපත ලද තීටා තම සොයුරු සිග්මා
ද සමඟින් මුළු නිවසේම ආදරය මේ වනවිට දිනා සිටින්නේය.
අපේ ටුටූ මේ කොයි පූස් දරුවන්ටත් එකසේ දයාව පෑ අතර
මේ වනවිට අප අතරින් වෙන්ව ගොස් ඇත. වින්කිද අප අතර නැති අතර ට්වින්කි ගේ දුවක් වූ බීටා ද අකාලයේ මෙලොවෙන් තුරන් ව ගොස් ඇත, මේ වනවිට පිටින් කෑම පිඟන් වෙත ඇදී එන යෙලෝ ෆෙලෝ
ද, අලුතින්ම
එක්වූ කොපි කැට් ද සමඟින් පූසන් හතකට තුන් වේල ආහාර ලබා දීමත් ලෙහෙසි පහසු කාර්යයක්
නොවේ.
Comments
Post a Comment