Posts

Showing posts from October, 2026

කතාවක් නොවූ කතාවක්

කවදාවත්ම ක්‍රිකට් ක්‍රීඩා නොකිරීම පිළිබඳව ශානි පළමු වරට ශෝක වූවාය. ඇයට ඉලක්කය වැරදී ඇත. වෙලේ ජල පහර ගලා යන දෙපාවට වීසි කල ඇගේ පළමු ආදර හසුන සරුසාරව කුඹුර පුරා පැතිර ගිය දිය හබරළ ගසක් අතරට වැටින. වෙලට බසින්නට පුළුවන් කමකුත් නැත. නියර කැඩී මඩවී ගොස්ය. මේ සියල්ල ඇගේ බක පණ්ඩිතකම නිසාම බව ඇය සිතුවාය. ඉතින් ඈ තම අමතර පන්තියට ගියේ මහා බරවූ හදවතකිනි. කුළුඳුලේ හිත සෙමින් සෙමින් කාලාන්තරයක් තිස්සේ වැවුනු ඒ කුඩා පැලෑටිය අව් රැල්ලක් වැටී අතු පතර දළුලා වැවෙන්නට හිතුවා පමනි. මේ අබග්ගය ඈ හිස පිට කඩා වැටී ඇත. ආදර හසුන චිත්‍රපටය බැලූ පසු ආදර හසුන් ගැන ඇයට තිබුනේ මහා බියජනක සිතුවිලිය. එහෙත් ප්‍රේමයේ සුවඳ දැනෙද්දී හිත පුරා ඇතිවූ හැඟීම් ලියා හිත සැහැළ්ලු කරගත යුතුම බව ඇය සිතුවාය. ඒ නිසාම ශානි යෝජනා කලේ ආදර හසුන කියවූ පසුව නැවත ඇයටම ලබා දෙන ලෙසයි. එවිය එය ඇයටම විනාශ කර දැමිය හැක. නීති කෘත්‍යන් පිළිබඳ බියක් ද ඇති නොවේ. ඒ එකඟතාවය ලබා ගැනීම අපහසු නොවීය. එදා ඔහු ශානිගේ නිවසට පැමින සුහද සාමිච්චියේ යෙදී සිට ඔවුන් හුදකලා වූ විටක හදිසියේ ඇගෙන් හාද්දක් ඉල්ලූ දා ඇය තම හද විවර කලාය.   එහෙත් ඇය හාද්ද ප්‍රතික්ශේප...