Posts

දෙවියන් හැඳින්නෙමි

Image
පේවී සැදී පැහැද දින දින දේව ආරාධනා ස්තෝත්‍ර මැද දෙවියන් වඩින මොහොත යහන මත දැනුනු සඳුන් කපුරු සුගන්ධය සළකුණක් විය දෙවියන් වැඩි බවට මට බෝ සමිඳු අභිමුඛයේ  නේක ගාථා කියමින්නේ භාවනාවකට සම වැදුනේ පුරුදු සුගන්ධය හදට දැනුනේ දෙනෙත් විවර කර බලන කල සුළු මොහොතකට පසුව සුසුදු පිරිසිඳු සළු පැළඳු මව අයැදියි පිනට මුදල් දඹදිව වන්දනාවකට සතුව තිබු රුපියල් කොල පිදිමි සිත ලෝබ නැතිවම සිතා ගනිමින් මසිතට මේ දෙවියන්ම තමයි පඬුරු පිදුමට ඇයද සුදුසුයි ඉතින් දෙවොල් දේවස්ථාන තුලම නොව අප සැමගෙ හදවත් තුළද දෙවියන් වසන බව අමතක කරනු කෙලෙසද දෙවියන් හඳුනා ගත්තෙන් සහෝදර දයාවෙන් බලා සලකන්නට දයා කරුණාවෙන් දෙවියන් හා සමවූයෙන් සිතුනා බලන්නට අසල්වැසි දෙස මෙතෙක් නොම බැලූ කෝණයකින්

අවබෝධය

Image
මඩුව එක තැනකය හේමළයා තව තැනකය සිතත් අප එහෙමය දුවන්නේ ගතෙන් එපිටමය දහසක් විවේචන එල්ලවන හැම කල ණුවනැතිම කාරිය යැවීමයි සිත ගැටළුවෙන් එපිටට ලැබෙන සැම අභියෝගද යස සහ අයසද  රැඳෙන්නේ ටික කාලය අවබෝධය දිවි දිනන මගමය

අවනඩුව

කිරි දත් වැටෙන්නත් පෙර නැළවූයෙමි කිරි දරු දිනෙන් දින වසරෙන් වසරට මව් ඇකයෙන් ගිලිහෙන අකුරු නොදත් මවක දුවක් වූ නිසා පාසල් ගිය වදෙන් පොරයෙන්ම ගෙනගියා අම්මාව ගැටගසන්නට පැලෝපීය නාලය ඇගේ රාත්‍රී රංගනය වද හිරිහැර මැද රඟන්නට බලකරන වැඩිවූවානම් එදායින් පසුව නැවතුනේ... පියා නෙරළු රුක ළඟ දපපු දින කැලතක් දරු බර ගිලන් මිනිසෙකු සමග දරන්නට නංඟී හා මම ගෑටුවෙමු සිදාදියෙ වැඩ පොලකට එතැනින් ඇරඹූ ගමන් මග ඉතා හොඳ වැටුපක් ලබන වැඩපොළක නතර වූයේ නිසාදෝ මගේ පින ඉගෙනීම මගේ අවිය සිතා එක අදිටනෙන ලැබුනු හැම විටෙක ගියෙමි ඉදිරියට අධ්‍යාපනයෙ නිරතුරුව යෙදමින ආයතනය ඉහළය රැකියාවන් තරඟකාරිය දියරෙද්දෙන් බෙලි කැපිල්ලය සිනහාවුනත් නැතත් වැරදිය දඩ බල්ලන් විලස යන එන හැම තැන විස්තර සොයන බලු රැළ ආශ්‍රය ආයතනේ ඉහල තලයය කරන්නට බැරි සැම කටයුත්තක මූලිකත්වය ගනු පිණිස උන් අකමැති අයම යොදවනු බලා කෙසේ සැනසෙන්නද කියනා දෙයක් කරමින් පාඩුවෙ වැඩෙහි යෙදෙමින් අවධානම්ද ගනිමින් යෙදෙමි රැකියාවෙ වේතනය ගැන සිතමින් තුන් වේලක් පවුලට බත් කන්නට පොඩි සොහොයුරු සොහොයුරියන්ට ඉගෙන ගන්නට ප්‍රතිපාදන සොයන්නට අපහසුය වෙ...

සියක් වසක් ලෝ කම්කරු සංවිධානය

සියක් වසක් වැඩ ලොව ජයගන්නට වෙහෙසී වැඩ කරනා ආණ්ඩු හා   සේව්‍ය සේවකයන් එකසේ එකමුතුවීලා නිමැයීමෙන් සුනිසි රැකියා තිරසර ලොව රැකගන්නට කැපවීලා දිගු ගමනක යනවා සංවිධානය ලෝ කම්කරු හිමිකම් රැකදීලා දිනා දෙමින් වැඩ කරන පැයත් වේතනයත් රෑ වැඩ මුරයත් ලෙඩ නිවාඩුවත් වැඩ වරණ හැටිත් වෘත්තිය සමිතිත් අවම   වියත් මව් ප්‍රතිලාභත් මුදවාලා ළිංඟික වහලුන් ළමා ශ්‍රමිකයන් කුට්ටණයත් සාධාරණය සුරකින ලොවකට සංවිධානය කම්කරු තෝ තැන්නක් ඉගෙනුමෙන් පසු රැකියා වෙළඳපොල දෙස බලනු කතුනේ නොවී පමා එච් අයි වී ඒඩ්ස් නිසා කරමින් සිටිනා රැකියා ඔබ අතහරිනු එපා ලිංඟික අසමානතා නිසා වැඩ ලොව පය නොතබා ඉන්න එපා ආබාධිත බව බාධාවක්ය සිතා රක්ෂා නැතියයි ලත වෙන්න එපා ව්‍යවසායකත්වය   පිළිබඳ සොයා බලන්නට දෙවරක් සිතනු එපා කිසිවකු අත නාරිමින් වැඩ ලොව ජය ගන්නට නීති රාමු හදා දීලා කම්කරු සංවිධාන ය ලොව ජය ගන්නට ඉන්නවා වැජඹීලා

පලා යමි

පලා යමි අඳුරට කෑලි කැපිය හැකි ඒ සීතල අන්ධකාරයට එතී වෙලී සියොළඟ සඟවාලයී මා අසරණකම වේල් ගණන් අත හැර පානය කල ජල ගඟ මහවැලියටත් වඩා වැඩි බව කීවත් පිළිගන්නෙ කවුරුද සාපෙළ උසස් පෙළ සමත්වූවත් අන් සැම පරදා ඉහලින්ම යාචක දැරිය කිසිදාක සින්ඩරෙල්ලා වේවිද අප්පච්චිට දුන් රැකියාව දරු කැලතක බඩ පුරවන්න කොහොමවත් නොසෑහෙන බව දත් අම්මා සෙවුවේ දිග පලල කැළණි ගඟ ඔබේ පියා හා එකල රවුම් ගසද්දී තුන් රියේ නිල් පාට තාත්තා හිඟන මුදලාලි බව ඔබ නොදැන හිටි එකමයි සොඳ ළමිස්සියන් හැඩකාර නොගෙනම කරකාර නලවන දරු විසේකාර හැඩතල ඔබ පවුලේ ආර සැඟවී නොයෙක අකරතැබ්බෙන් බඩ වියත රැකෙයි මාගේ නැටුමෙන් උතුමණි සිතක් පහල වීමෙන් නවතයි ඔබ මා දිවිය හුස්ම ගැන්මෙන් මග නම් පැහැදිලියි මේ බලගතු සන්ධිස්ථානයයි ඔබ උරුමය රජකමයි සමුගන්න අවසරයි මා නාටිකාංගනාවක පමණයි

Yardbird

You might think you are safe Happy and continue with your work Truly you are monitored by them Even you are no one you think They talk smile and joke with you Assign work delegate tasks Never you’ll feel you are caged As the prison is an open space When visitors come they will come Share the space making notes Phones are tapped digital traps You are being watched do not move Privacy is blocked no personal space Everything should be publicly shared The rules are only for you not for them Beware they will follow you through Bringing in darkness is the need Show your smile no protests please World is a cruel mean place If you survive you have won the game

බය

අවදිවන්නේම බයෙන් මොන මාළුවට ලුණු වැඩිවේවිද තවත් බයක් දරු තනිවම ගෙදර නිවාඩුවේ ඊළඟට බස් රථයෙ අනුන් බර දරන්නට අයුක්තියට කට ඇරෙනවට වැඩිම බය නැතිකරගන්නට රැකියාව නොපෙනෙනවා වගේ ඉන්නවා අනඟ සිනා කතා ලොකු කැරකෙන පුටුවල ඉඳ හිටක පොඩි පුටුත් බලන්නේ හරහට බයක් නැහැ දෙකක් කිව්වම සරෙන්ඩර් ආයෙත් ගෙදරට ගමන බය බිරාන්තව පොදු ප්‍රවාහනයෙ මේ කොයි බයටත් වඩා උග්‍ර විෂ වන් බය කරුවල වෙනවාට මදුවිත ගඳ ගහන මුව දිගට හරහට බනිනකොට කෑම රස නැතැයි කියන්නද මා හේතුවක් බුලත්විට නිදන කුටිය මහ භයානක තැනක් වියලි තුරු වැල් මතින් තෙතක් නැති බිම් කඩක් පාරවා සිසිල සොයනා වෑයමක් පෙර වැරදි මතක් කරමින් නැවත නැවතත් දොස් අසනා තැනක් කඳුලින්ම ඇස් පියවෙන නින්ද නම් බය නැති තැනක් සදාකාලයටම ඇස් නොඅරින්නට හිතෙන එකම එක ක්ෂේම භූමියක්