සියක් වසක් ලෝ කම්කරු සංවිධානය


ආණ්ඩු හා  සේව්‍ය සේවකයන් එකසේ එකමුතුවීලා
නිමැයීමෙන් සුනිසි රැකියා තිරසර ලොව රැකගන්නට කැපවීලා
දිගු ගමනක යනවා සංවිධානය ලෝ කම්කරු හිමිකම් රැකදීලා

දිනා දෙමින් වැඩ කරන පැයත් වේතනයත් රෑ වැඩ මුරයත් ලෙඩ නිවාඩුවත්
වැඩ වරණ හැටිත් වෘත්තිය සමිතිත් අවම  වියත් මව් ප්‍රතිලාභත්
මුදවාලා ළිංඟික වහලුන් ළමා ශ්‍රමිකයන් කුට්ටණයත්
සාධාරණය සුරකින ලොවකට සංවිධානය කම්කරු තෝ තැන්නක්

ඉගෙනුමෙන් පසු රැකියා වෙළඳපොල දෙස බලනු කතුනේ නොවී පමා
එච් අයි වී ඒඩ්ස් නිසා කරමින් සිටිනා රැකියා ඔබ අතහරිනු එපා
ලිංඟික අසමානතා නිසා වැඩ ලොව පය නොතබා ඉන්න එපා
ආබාධිත බව බාධාවක්ය සිතා රක්ෂා නැතියයි ලත වෙන්න එපා
ව්‍යවසායකත්වය  පිළිබඳ සොයා බලන්නට දෙවරක් සිතනු එපා

කිසිවකු අත නාරිමින්
වැඩ ලොව ජය ගන්නට
නීති රාමු හදා දීලා
කම්කරු සංවිධාන
ලොව ජය ගන්නට
ඉන්නවා වැජඹීලා


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්