පලා යමි

පලා යමි අඳුරට
කෑලි කැපිය හැකි
ඒ සීතල අන්ධකාරයට
එතී වෙලී සියොළඟ
සඟවාලයී මා අසරණකම

වේල් ගණන් අත හැර
පානය කල ජල ගඟ
මහවැලියටත් වඩා වැඩි බව
කීවත් පිළිගන්නෙ කවුරුද

සාපෙළ උසස් පෙළ සමත්වූවත්
අන් සැම පරදා ඉහලින්ම
යාචක දැරිය කිසිදාක
සින්ඩරෙල්ලා වේවිද

අප්පච්චිට දුන් රැකියාව
දරු කැලතක බඩ පුරවන්න
කොහොමවත් නොසෑහෙන බව
දත් අම්මා සෙවුවේ
දිග පලල කැළණි ගඟ

ඔබේ පියා හා එකල
රවුම් ගසද්දී තුන් රියේ නිල් පාට
තාත්තා හිඟන මුදලාලි බව
ඔබ නොදැන හිටි එකමයි සොඳ

ළමිස්සියන් හැඩකාර නොගෙනම කරකාර
නලවන දරු විසේකාර
හැඩතල ඔබ පවුලේ ආර

සැඟවී නොයෙක අකරතැබ්බෙන්
බඩ වියත රැකෙයි මාගේ නැටුමෙන්
උතුමණි සිතක් පහල වීමෙන්
නවතයි ඔබ මා දිවිය හුස්ම ගැන්මෙන්

මග නම් පැහැදිලියි
මේ බලගතු සන්ධිස්ථානයයි
ඔබ උරුමය රජකමයි
සමුගන්න අවසරයි
මා නාටිකාංගනාවක පමණයි

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්