අවනඩුව

කිරි දත් වැටෙන්නත් පෙර
නැළවූයෙමි කිරි දරු දිනෙන් දින
වසරෙන් වසරට මව් ඇකයෙන් ගිලිහෙන

අකුරු නොදත් මවක
දුවක් වූ නිසා පාසල් ගිය
වදෙන් පොරයෙන්ම ගෙනගියා අම්මාව
ගැටගසන්නට පැලෝපීය නාලය

ඇගේ රාත්‍රී රංගනය
වද හිරිහැර මැද රඟන්නට බලකරන
වැඩිවූවානම් එදායින් පසුව
නැවතුනේ...
පියා නෙරළු රුක ළඟ දපපු දින

කැලතක් දරු බර ගිලන් මිනිසෙකු සමග
දරන්නට නංඟී හා මම ගෑටුවෙමු
සිදාදියෙ වැඩ පොලකට
එතැනින් ඇරඹූ ගමන් මග
ඉතා හොඳ වැටුපක් ලබන වැඩපොළක
නතර වූයේ නිසාදෝ මගේ පින
ඉගෙනීම මගේ අවිය සිතා එක අදිටනෙන
ලැබුනු හැම විටෙක ගියෙමි ඉදිරියට
අධ්‍යාපනයෙ නිරතුරුව යෙදමින

ආයතනය ඉහළය රැකියාවන් තරඟකාරිය
දියරෙද්දෙන් බෙලි කැපිල්ලය
සිනහාවුනත් නැතත් වැරදිය

දඩ බල්ලන් විලස යන එන හැම තැන විස්තර
සොයන බලු රැළ ආශ්‍රය ආයතනේ ඉහල තලයය
කරන්නට බැරි සැම කටයුත්තක
මූලිකත්වය ගනු පිණිස උන් අකමැති අයම
යොදවනු බලා කෙසේ සැනසෙන්නද

කියනා දෙයක් කරමින් පාඩුවෙ වැඩෙහි යෙදෙමින්
අවධානම්ද ගනිමින් යෙදෙමි රැකියාවෙ වේතනය ගැන සිතමින්
තුන් වේලක් පවුලට බත් කන්නට
පොඩි සොහොයුරු සොහොයුරියන්ට ඉගෙන ගන්නට
ප්‍රතිපාදන සොයන්නට අපහසුය වෙන රැකියා සොයන්නට

ලැබෙන සැම හිරිහැර ගැන
බිහිරිවී හෝ අන්ධව
සිටින අදිටන මට
නොවේ පහසුව ඉවසා
සැම ජඩ වැඩ කෙරන

තුන් ලොව දකින දෙවියන් හට පවරා මගෙ අවනඩුව
ගෙවෙන දින ගැන ගැන
ඉන්න සිදුවේ අසරණ කම නිසාවෙන



Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්