බය

අවදිවන්නේම බයෙන්
මොන මාළුවට ලුණු වැඩිවේවිද
තවත් බයක්
දරු තනිවම ගෙදර නිවාඩුවේ
ඊළඟට බස් රථයෙ
අනුන් බර දරන්නට
අයුක්තියට කට ඇරෙනවට
වැඩිම බය නැතිකරගන්නට රැකියාව
නොපෙනෙනවා වගේ ඉන්නවා
අනඟ සිනා කතා ලොකු කැරකෙන පුටුවල
ඉඳ හිටක පොඩි පුටුත්
බලන්නේ හරහට බයක් නැහැ
දෙකක් කිව්වම සරෙන්ඩර්
ආයෙත් ගෙදරට ගමන
බය බිරාන්තව පොදු ප්‍රවාහනයෙ
මේ කොයි බයටත් වඩා
උග්‍ර විෂ වන් බය කරුවල වෙනවාට
මදුවිත ගඳ ගහන මුව
දිගට හරහට බනිනකොට
කෑම රස නැතැයි
කියන්නද මා හේතුවක් බුලත්විට
නිදන කුටිය මහ භයානක තැනක්
වියලි තුරු වැල් මතින්
තෙතක් නැති බිම් කඩක් පාරවා
සිසිල සොයනා වෑයමක්
පෙර වැරදි මතක් කරමින්
නැවත නැවතත් දොස් අසනා තැනක්
කඳුලින්ම ඇස් පියවෙන
නින්ද නම් බය නැති තැනක්
සදාකාලයටම ඇස් නොඅරින්නට හිතෙන
එකම එක ක්ෂේම භූමියක්

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්