දෙවියන් හැඳින්නෙමි

පේවී සැදී පැහැද දින දින
දේව ආරාධනා ස්තෝත්‍ර මැද
දෙවියන් වඩින මොහොත යහන මත
දැනුනු සඳුන් කපුරු සුගන්ධය
සළකුණක් විය දෙවියන් වැඩි බවට මට

බෝ සමිඳු අභිමුඛයේ 
නේක ගාථා කියමින්නේ
භාවනාවකට සම වැදුනේ
පුරුදු සුගන්ධය හදට දැනුනේ

දෙනෙත් විවර කර
බලන කල සුළු මොහොතකට පසුව
සුසුදු පිරිසිඳු සළු පැළඳු මව
අයැදියි පිනට මුදල් දඹදිව වන්දනාවකට
සතුව තිබු රුපියල් කොල
පිදිමි සිත ලෝබ නැතිවම
සිතා ගනිමින් මසිතට
මේ දෙවියන්ම තමයි
පඬුරු පිදුමට ඇයද සුදුසුයි

ඉතින් දෙවොල් දේවස්ථාන තුලම නොව
අප සැමගෙ හදවත් තුළද
දෙවියන් වසන බව
අමතක කරනු කෙලෙසද

දෙවියන් හඳුනා ගත්තෙන්
සහෝදර දයාවෙන්
බලා සලකන්නට දයා කරුණාවෙන්
දෙවියන් හා සමවූයෙන්
සිතුනා බලන්නට අසල්වැසි දෙස
මෙතෙක් නොම බැලූ කෝණයකින්




Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්