Posts

Showing posts from September, 2018

ගිම්හානය අග පිපි කුසුම

ඈත සසරේ පතාන ආ ලෙස ඔබ මා හමුවූවා කඳුලැල් දිවියේ අපට උරුම නැත තුටින සිනා පෑවා සිහිලැල් සෙවණේ දැවටී නිතිනේ අප දෙදෙනා සිටියා දේදුණු පෑයූ අපේ ලොවක අප කිරුළු දරා සිටියා ගිම්හානය අග පිපුණු කුසුමකැයි ඔබ මට නිති කීවා වසන්තයක් මිස නැත ගිම්හානය අප දෙදෙනා සිතුවා ඔබ හන්දා මා හදවත තුළ නිති පැතුම් පොකුරු පිපුනා තනියා ඇවිදින් මැදියම හේනට මගෙ සිහිනය බිඳුනා

සිතුවිලි

රාස්සිගේ අව්ව වැටී සිතුවම් මැවු හැන්දෑවක ගුරුපාරේ පියනගන්න හිතෙනවා අත් පටලවගෙන ඉර බැස යන හැන්දෑවේ වෑකණ්ඩිය උඩ ඉඳගෙන ඔබ දෑසේ මා සොයමින් හිතෙනවා රස කවි අහන්න තරු මල් එක එක පිපෙද්දි ගමේ විහාරයට ගිහින් තෙල් මල් පහන් අරගෙන හිතෙනවා බුදු හිමි වඳින්න අටවක හඳ මෝදු වෙද්දි අපේ ලෝකයක් තනමින් හිරු පායන හැටි බලන්න හිතෙනවා මට තුන් තිස් පැය

අඹු සැමි

නෙතු යුග යාවී සිත් මල් පීදී ආදරයක් සිත පිළිසිඳුනා අපේම ලෝකෙක අත්වැල් පටලා දෙදෙනා අප එක්තැන් වූවා කාලය දිවයයි ප්රේමය සුවඳයි වගකීමෙන් අපි හති වැටිලා මොහොතක් නවතිමු අත්වැල් බැඳගමු ආයෙත් අපි පෙම්වතුන් වෙලා සරදම් වදනක නෙතු කඳුලැල්ලක සෙනෙහස පිරි හදවත සඟවා බලාන ඉනු බැහැ වියපත් වනතුරු අද අපි අපිටම මගහැරිලා

සබඳ

මගිය දුර ගමන් යන ඔබ වැතිරුනේ කිම මා පාමුල පතමින් සිසිලස හා සෙවන නැතුවාද බොහෝ රුක් ළඟ ළඟම හමා ගිය මදහස් සුළඟ ලැබ ඉපිළුණු අතු රිකිලිද හදේ ගිඩි ගිඩි නදද නොදැනුනා නොවෙයි නෙව ඔබට උදුරලා වනසලා මගේ කරගමි නොසිතා නියඟයක ජල දහරා ඉසිමින් රකිනවා සෙනෙහෙ සඟවා විඩා නසන්නට සෙවනක් දෙන්නට හැකිවුනත් ඉඳහිටක කිසිදාක බැරිවේවිදෝ ඔබේම වන්නට

අරුමැසි සිහිනය

තරු මල් ඉහිරුණු අහසක සිරි බලමින් උණුසුමේ මා මොහොතක් රැඳෙමින් මුමුණනා කව් ගී පද මද ස්වරයෙන් ඇසෙන්නේ ඇයි මා සිහිනයන් අතරින් වෙරල සිඹින රළ පෙළ පහසින් තෙමි තෙමී බැස යන හිරු දෙස බලමින් මියුරු ගී මුමුණන ඔබ යළි යළිත් කළඹන්නෙ ඇයි මා සිහිනතර සරමින් කිලිපොළා සියොලඟ නහවන දිය ඇල්ලක සිරි සිරිය අතරින් කතා කියමින් රස මතක සුවඳක නිති නිති රැඳෙමින්ම සරන්නේ ඇයි ඔබ මගේ හැම සිහිනයක

She

The sound of cockerel from her mobile Breaks her sleep early in the morning Adding the right amount of ingredients She cooks food to satisfy taste buds Thousand household errands is completed While she is on the move Expert in time management she sits at office chair on time While answering numerous phone calls She will fight with documents and E mails Vision of the organization in her mind When she provides services on time She is the strong woman Shines in the world like a golden lamp by Kumari Wickramasinghe

හුදකලාව

නව වසර සමරන්න දූ පුතුන් පැමිනෙන විට හරියටම වසරකට පසුව ඈ සැකිල්ල තිබුනා හුදකලා නිවස තුල බෙහෙත් අල්මාරියේ හිස් වේදනා නාශක පත් සිය ගනන් මදහස පා කියයි නැසුවේ හිතේ අමාරුවත් ගතේ අමාරුවත් අවසන් දිවි ගමනත් ඒ ඔසු ම බව

තේ කෝප්පය

පිළිකා මාරයා ඔබ පණ සොරාගන්නට පෙර ඔබෙන් මට ඉල්ලන්නට නොතිබුනා නොවෙයි බොහෝ දෑ නමුදු පිය සෙනෙහස ඔබ නොමදව කළවම් කර උදෑසන මා අතට දුන් යළිත් කිසිදාක නොලැබෙන එකම එක තේ කෝප්පයක් අතීතයේ රස දැනුනු ඉල්ලුවා දෙවරක් නොසිතාම මා ආදරණීය පියාණනි Translation Many things I might have asked Before you were stolen by the cancer Only a cup of tea filled with your love With the taste of the sweet past Was my only request That came to my mind Without thinking twice My loving father Was my final request

හිම කුමාරි

හදවත හිම වීම එකම දවසෙන් සිදුවුනා නොවේ දිනෙන් දින ඉබි ගමනෙන් අවසානයේ ඉතිරිය විශාල හිම ගුලියක් ….. ඉඳහිට උණුසුම් කුණාටු හමලා හදවත ලිහිල් කලා ඔටුන්න හිමි කුමාරයා මේ බව දැනගෙන එල්ල කලේ දැවැන්ත පහරක් …… දැන් හිම කුමාරිගෙ හද ක්ෂුද් ‍ ර හිම කැබලි සිය දහසක් පශ්චාත් මරණ පරික්ෂකටත් ප් ‍ රහේළිකාවක් ……. ඇය කෙසේ දිවි ගෙවුවාදැයි මෙතරම් කාලයක් දරාගෙන හිම හදවතක් ….

තිරසර ඉලක්ක කරා ගමනට සහයවන දත්ත

සහස් ‍ රක උදාවේ දී ලෝක නායකයෝ සංවර්ධනයට දායක වන ඉලක්ක 8 ක් තෝරාගත්හ . එම ඉලක්කයන්හී ප් ‍ රගතිය විමසා ගෝලීය සහභාගිත්වය සහ මතය අනුව තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ගනු ලැබින. වසර 2030දී ළඟාවීමට බලාපොරොත්තු වන මේ ඉලක්ක සමාජීය, ආර්ථික සහ පරිසර යන මූලික කුළුණු යටතේ සලකා බලන ලදී. මෙම ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා රටක ප්‍රතිපත්ති සහ තීරණ වැදගත් තැනක් ගනී. තීරණ ගැනීමේදී සාක්ෂි මත පදනම්වූ තීරණ වඩා නිවැරදි වන අතර දත්තයන්හී කාර්යභාරය මෙහිදී ඉතා වැදගත් වේ . නොබෝදා දියත උයන හෝටල් පරිස්‍රයේදී ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය එක්ව #SDGDataLK: තිරසර ශ්‍රී ලංකාවක් කරා දත්ත වැඩි දියුණු කිරීම මැයෙන් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. මෙයට ප්‍රධාන ආරාධිතයන් ලෙස කරූ ජයසූරිය, ගරු කතානායක, තිලංග සුමතිපාල, ගරු නියෝජ්‍ය කතානායක සහ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ පාර්මේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ඩි සිල්වා,ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය යන මැතිවරුන් සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ නිළධාරීන්ද, රාජ්‍ය සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද සහභාගි විය. නිවැරදි දත්ත එකතුක...