අරුමැසි සිහිනය


තරු මල් ඉහිරුණු අහසක සිරි බලමින්
උණුසුමේ මා මොහොතක් රැඳෙමින්
මුමුණනා කව් ගී පද මද ස්වරයෙන්
ඇසෙන්නේ ඇයි මා සිහිනයන් අතරින්

වෙරල සිඹින රළ පෙළ පහසින්
තෙමි තෙමී බැස යන හිරු දෙස බලමින්
මියුරු ගී මුමුණන ඔබ යළි යළිත්
කළඹන්නෙ ඇයි මා සිහිනතර සරමින්

කිලිපොළා සියොලඟ නහවන දිය ඇල්ලක
සිරි සිරිය අතරින් කතා කියමින් රස
මතක සුවඳක නිති නිති රැඳෙමින්ම
සරන්නේ ඇයි ඔබ මගේ හැම සිහිනයක

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්