තිරසර ඉලක්ක කරා ගමනට සහයවන දත්ත
සහස්රක උදාවේ දී ලෝක නායකයෝ සංවර්ධනයට
දායක වන ඉලක්ක 8 ක්
තෝරාගත්හ. එම ඉලක්කයන්හී ප්රගතිය විමසා
ගෝලීය සහභාගිත්වය සහ මතය අනුව තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ගනු ලැබින. වසර 2030දී ළඟාවීමට
බලාපොරොත්තු වන මේ ඉලක්ක සමාජීය, ආර්ථික සහ පරිසර යන මූලික කුළුණු යටතේ සලකා බලන ලදී.
මෙම ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා රටක ප්‍රතිපත්ති සහ තීරණ වැදගත් තැනක් ගනී.
තීරණ
ගැනීමේදී සාක්ෂි මත පදනම්වූ තීරණ
වඩා නිවැරදි වන අතර දත්තයන්හී
කාර්යභාරය මෙහිදී ඉතා වැදගත් වේ.
නොබෝදා දියත උයන හෝටල් පරිස්‍රයේදී
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය එක්ව #SDGDataLK: තිරසර ශ්‍රී
ලංකාවක් කරා දත්ත වැඩි දියුණු
කිරීම මැයෙන් සම්මන්ත්‍රණයක් පවත්වන
ලදී. මෙයට ප්‍රධාන ආරාධිතයන් ලෙස කරූ ජයසූරිය, ගරු කතානායක, තිලංග සුමතිපාල, ගරු නියෝජ්‍ය
කතානායක සහ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ පාර්මේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ
ඩි සිල්වා,ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය යන මැතිවරුන් සහභාගි වූ අතර
එක්සත් ජාතීන්ගේ නිළධාරීන්ද, රාජ්‍ය සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ද සහභාගි විය.
නිවැරදි දත්ත එකතුකිරීමත් කළමණාකරනය
කිරීමත් රටක යහපාලනයට වැදගත් බව සිම් රින් සිං මහත්මිය, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරිය
සඳහන් කලාය.
තිරසර
සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු වාර්තාව එවන් වාර්තාවක් ඉදිරිපත්
කල පළමු රට බවට
මෙරට වාර්තාගතවන බව තිලංග සුමතිපාල
මැතිතුමා පැවසීය.
ඉලක්ක
යනු හුදෙක් සැකිල්ලක් පමණක් බවත් නිවැරදි දත්ත
භාවිතයෙන් තීරණ සහ ප්රතිපත්ති සැකසීමෙන් පමනක් එම ඉලක්ක කරා
ගමන් කල හැකි බව
ආචාර්ය මොහාන් මුණසිංහ මහතා පැවසීය.
දත්ත පිළිබඳ
සංවාදයේදී අසමානතා පිළිබඳ වැඩි අවධානයක් යොමු කල යුතු බවත් තොරතුරු සඳහා අයිතිවාසිකම්
පනත අනුව පුරවැසියන්ටද දත්ත ලබාගැනීමේ අයිතියක් පවතින බවත් ඔවුන්ට දත්ත සැපයීමටද අවස්ථාවක්
ලබාදියයුතු බවත් සාකච්ඡා විය.
විවිධ මූලාශ්‍ර
වලින් දත්ත ජනනය වූවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන දත්ත විශ්වසනීයත්වයෙන්
සහ ප්‍රමිතියෙන් ඉහල බවත් සාකච්ඡාවූ බව අතර එම දෙපාර්තමෙන්තු වෙබ් අඩවිය මගින් තිරසර
සංවර්ධන ඉලක්ක අනුව මානයන් දැක්වෙන දත්ත එළිදක්වා ඇති බව පෙන්වා දෙන ලදී.
සාම්ප්රදායික දත්ත එකතු කිරීමේ
ක්රමවේදයට අමතරව සිවිල් සංවිධාන සහ පුරවැසි දත්ත
කළමණාකරණය සඳහා ද යම්
වැඩපිළිවෙලක් සැකසිය යුතු බව පැවසුනි.
එහිදී දත්ත පිළිබඳ නිරවද්යතාවය පුද්ගල
මතවාද, හැඟීම් සහ පරිසර සාධක
මත රඳා පවතින බවද
සලකා බැලිය යුතු බව පැවසින.
සාම්ප්රදායික දත්ත එකතු කිරීමේ
ක්රමවේදයට අමතරව සිවිල් සංවිධාන සහ පුරවැසි දත්ත
කළමණාකරණය සඳහා ද යම්
වැඩපිළිවෙලක් සැකසිය යුතු බව පැවසුනි.
එහිදී දත්ත පිළිබඳ නිරවද්යතාවය පුද්ගල
මතවාද, හැඟීම් සහ පරිසර සාධක
මත රඳා පවතින බවද
සලකා බැලිය යුතු බව සංවාදයට
බඳුන් විය.
Comments
Post a Comment