සබඳ
මගිය දුර ගමන්
යන ඔබ
වැතිරුනේ කිම
මා පාමුල
පතමින් සිසිලස
හා සෙවන
නැතුවාද බොහෝ
රුක් ළඟ ළඟම
හමා ගිය මදහස්
සුළඟ
ලැබ ඉපිළුණු
අතු රිකිලිද
හදේ ගිඩි ගිඩි
නදද
නොදැනුනා
නොවෙයි නෙව ඔබට
උදුරලා වනසලා
මගේ කරගමි
නොසිතා
නියඟයක ජල
දහරා
ඉසිමින්
රකිනවා සෙනෙහෙ සඟවා
විඩා නසන්නට
සෙවනක් දෙන්නට
හැකිවුනත්
ඉඳහිටක
කිසිදාක
බැරිවේවිදෝ
ඔබේම වන්නට
Comments
Post a Comment