සිතුවිලි


රාස්සිගේ අව්ව වැටී
සිතුවම් මැවු හැන්දෑවක
ගුරුපාරේ පියනගන්න
හිතෙනවා අත් පටලවගෙන

ඉර බැස යන හැන්දෑවේ
වෑකණ්ඩිය උඩ ඉඳගෙන
ඔබ දෑසේ මා සොයමින්
හිතෙනවා රස කවි අහන්න

තරු මල් එක එක පිපෙද්දි
ගමේ විහාරයට ගිහින්
තෙල් මල් පහන් අරගෙන
හිතෙනවා බුදු හිමි වඳින්න

අටවක හඳ මෝදු වෙද්දි
අපේ ලෝකයක් තනමින්
හිරු පායන හැටි බලන්න
හිතෙනවා මට තුන් තිස් පැය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්