අඹු සැමි


නෙතු යුග යාවී
සිත් මල් පීදී
ආදරයක් සිත පිළිසිඳුනා
අපේම ලෝකෙක
අත්වැල් පටලා
දෙදෙනා අප එක්තැන් වූවා

කාලය දිවයයි
ප්රේමය සුවඳයි
වගකීමෙන් අපි හති වැටිලා
මොහොතක් නවතිමු
අත්වැල් බැඳගමු
ආයෙත් අපි පෙම්වතුන් වෙලා

සරදම් වදනක
නෙතු කඳුලැල්ලක
සෙනෙහස පිරි හදවත සඟවා
බලාන ඉනු බැහැ
වියපත් වනතුරු
අද අපි අපිටම මගහැරිලා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්