කාන්ති අක්කා
පරපුරේ මහ කුළුණු
එකින් එක පෙරළුනා
දෙවෙනි පෙළ බල
කණුද
අකලටම ගැලවිලා
දිවියෙ අනියත බවම
මතකයට නැංවුවා
ඇය පිළිබඳ මගේ
පලමු මතකය මගේ විවාහ උත්සව දිනයි. හා පැටියෙක් වන් දූ පැටියෙක් සමඟ මගේ ළඟට පැමිනි
ඇය, නංඟියෙ මේ දුවට
මනමාලිව ළඟට බලන්න ඕනා කියනවා කිව්වාය. දුව මගේ සාරියද මල් කළඹ ද අතගා බැලූ අතර මලක
පෙති ගැලවුනි. ඇය බොහෝ කනගාටු වූවත් මම ඉතින් කොහොමත් මේ මල් කළඹෙ කාලය අවසන් බව පවසා
ඇය අස්වැසුවෙමි. අපි එදිනම බොහෝ සමීපවූ බව එදා මට දැනින. එතැන් සිට අනිවාර්යයෙන්ම සිංහල අලුත් අවුරුද්දට අපි මුණගැසුනෙමු. එසේම ඇය පවුලේ
අවමඟුලක ද බණ හෝ දාන ගෙදරකද නොවැරදීම මුණ ගැසෙන ඥාතියෙකු වූවාය.
ශ්රී ලාංකිකයන්
බොහෝ දෙනෙක් හදවත් රෝග නිසා මිය යන බව පුවත් පතක කියවූයේත් මේ සතියේය. 2023 වසරේ දහවල කාන්ති
අක්කා මිය ගිය පුවත තරමක කම්පනයකට හේතුවක් විය. එහෙත් වඩා වේදනා නොවිඳ මිය යාම යහපත් වූවත් නිට්ටඹුව තාත්තාගේ පාර්ශ්වයෙ ඉලව් මඟුල් සහ දාන නිවෙස් වල දී අක්කා නැති අඩුව දැනෙනු ඇත. අපේ පරපුරේ ද අවසන්
කාලය අත ළඟට පැමින ඇත. කිසිවක් සදාකල් නොපවතින බව අක්කාගේ මරණය නැවත මතක් කර දෙයි.
Comments
Post a Comment