නූතන වහල් බව

 ලයිම් කාමරයේ කිටි කිටියෙ හිරවෙලා

අම්මා අප්පාගෙ අඬදබර ඉවසලා

ඇල් වතුර කෝප්පය උගුරු දණ්ඩට හලා

රොටිය හා අනුපානෙ සිත මගේ දැඩි කලා

 

බුලත් කහටින් වර්ණ ගැන්නූ දත් වහල්ලම පෙනෙන්නට

දසන් විදා දොඩන මුණියන්ඩිගෙ සෝබනේ ඉවසුවට

සට කපට රුදුරු බව හිමින්සීරුවෙ වසන්නට

ටොපි චොකලට් එක දෙක ගෙනවිත් මට දුන්නට

සිදාදියට යන්නනම් බැහැ කිව්වෙ හැමදාම

 

මවා දිව විමන් බිතු පාට සායමින් වසා

අප්පාගෙ රස නහර පිනවා රට බීම සාගරේ  මනා

මරණ මංචකයට දක්කාන යන නියා

සෙයිළමට පිට වෙන්නට පවුලෙ දියුණුව තකා

 

නොයිඳුල් මල් කැකුළු සිත් සේ තලන්නට

තහනමක් නැහැ අපේ රීරි මස උරන්නට

මොණර කොල වලට හැකි පාපයන් වසන්නට

නූතන වහල් බවේ පැහැ මෙසේ වෙද

 

වත්තට ගියත් වෙන්නේ දළු කඩන්නට

සීතලේ ගුලිවී පෙලින් පෙල දරු වදන්නට

පැන ගියත් වෙන්නේ මහ මඟ රැඳෙන්නට

නොදනිමි වඩා හොඳ මොන නරා වල

 

 

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්