අවනඩුවක්

 උදැහැනැක්කේ බත්තරමුල්ලට පැද්දේ

සෞඛ්ය වෙද නිළධාරි කාර්යාලයේ
බූස්ටර් එන්නත ෆයිසර් ලබනු රිසියේ
තුති මල් ප්රථමයෙන් කාරිය ඉටුකල
නිළදරු පිරිසට පුදමි හද බැතින්
පුටුවෙන් ඉඳගත්තා එන්නත දැක්කා
රිදුමක්වත් නොදැනෙන්නට විද්දා
උසමත් නැති සුදු මිඩ්වයිෆ් නෝනා
වේලාව උදේ අට පසුවී මිනිත්තු ගානයි
සංවර ලෙස පැනවූ අසුන් ගතව
පෙළකට සිටියයි විස්සක් විතර දන
හිස් අසුන් පිරී අවසානයි
ඉදිරියේම නම් හිස් පුටු දෙකයි
ඒවා කාරිය කරවන අයටයි
සාමාන්ය දැණුම එහෙමයි
සැමියා සහ මම එක්වුනේ පෝළිමේ අගටයි
කතුන් දෙදෙනෙක් පැමිනියයි
වටපිට කිසිත් නොබැලුවයි
ඉදිරියේ හිස් අසුන් මත හිඳගත්තයි
අව්ව නිසා සෙවනක් සොයයි සිත කිව්වයි
මදකට පසුව ගුවන් භට මහතෙකු පැමින
ඉඳගන්නට පුටුත් සොයාගෙන
එකතු කර ගද්දී හැඳුනුම් පත
මුලින් දුන්නේ පසුව පැමිනි කතක් මය
මගේ අංකය විසි හතරයි
විසි පහ වන්නට සිටි අය දැන් මුලටමයි
යම් හැඳුනුම්කමක්දෝ සිත විමසයි
පෝලිමේ මුල සිටි අය ගැන මට පුදුමයි
කට අරින්නට අවැසියි නමුත් නොහැකියි
අසන විටදී දොස්තර නෝනා
ඉඳගෙන ඉන්නෙ ආව පිළිවලටම වෙන්නට ඕනා
වැඩිමහළු කත වත මත
හෝ වයසින් බාල අය හට
වැරදිකාර හැඟුමක් ඇතිවුනිදෝ
නොපෙනුනු මුඛ වාඩම නිසා මට
ඊයේ එන්නත්කරන වැඩසටහන
සාර්ථක කරගන්නට උරදුන්න
රජයේ නිළදරු පිරිසට පුද කරමි මේ මල් මිට
ගලක් නම් ගැසිය යුතුමය
පුද්ගල වගකීම අමතක කල
ඒ කතුන් දෙදෙනට පද එකතු කරමින් හෝ මම
අසාධාරණයට විරුද්ධව
මුව විවර කරන්නට
නොහැකි වූයෙන් ඊයේ මහට

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි