Dream Catcher - සිහින අගුල


 

සිහින අගුල

 

අඳුරු කඩතුරා

තනිකම මකනවිට

සිතමි මා අභිමතය

හරිම යැයි මට සිතුනු

නිවැරදිම වූවාද

කාළවර්ණ කුරිරු සිහින

දුෂ්ටම නොවුනාද

අතහැරියානම් යන්නට

දිරිමත් අයෙක් තැනෙන්නට තිබුනාද

සෑම සටනක්ම

අතනෑර පොරබදන

තවත් අතකට

සීනි තැවරූ සමහර සිහින

තැනී  තිබුනේම

මුලාවෙන් ඇස්බැන්දුමෙන්මය

අඩ සිය වසකට පසු

දනිමි මම

සෑම සිහිනයකම

ඇති බව අයහපත් ඛන්ඩයක් මෙන්ම

යහපත් අඩක් ද

පමා වැඩිය දැන්

යහපතෙන් අයහපත

ඇයහට තේරීම ලබා දීමට

ඇය මාවතට පිවිස ඇත

ස්ටයික්ස් ගඟ වෙතට යන ගමනට

 

කුමාරි

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්