Posts

නිදහස

Image
  නිදහසේ අරුණැල්ලෙන් ඔදවැටී කුටුම්බයේ කුදු මහත් කාරණා නිදහසේ  මීක් නොකියා සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ කර සැනසුම් සුසුමක් හෙළමින් රාස්සිගේ අව්ව වැටෙන යාමයේ වීර පුරන් අප්පු හෙළ විරුවා  නිදහස් සටනට උර දෙනයුරු රූපවාහිනියෙන් නරඹද්දී..... රැව් පිළිරැව් දුන් නිදහස් සියොත් නද ඇසී කුරුබිළියෙන් එබිකම් කර බලද්දී ගෙවත්තේ තුරු වදුලේ යුහුසුළුව විහඟ කැදලි රැඳුනු තුර අතු වෙත සරණ සපුවෙකුය තුරු පත් අතර හැංඟි මුත්තම් සෙල්ලමේ කෙල පැමිනියෙකු බඳු කුරුළු ගොයෙක්ය පරිසරය විඳගන්නාසේ සුරතල් කම් පානා  ගෘහාධිපතිනියගේ සිත් ගත් බිළාලයාය.... ඛේදයකි මේ සියොතුන්ගේ ජීවිත කෙතරම් නිදහස්දැයි උන් පියාසලද්දී ඊර්ෂ්‍යාපර්වශ සිත් ඇතිවූ මම වැරදි කරුවෙක් නොවෙම්ද?

යළිත් මම පාසල් ඇවිත්

Image
අපැහැදිළි අකුරු කැත ඉඳහිට කරන දඟ වැඩ සංයමයෙන් ඉවසාන දිරි දුන්නේ දුර යන්න ජය නිතරම ලබමින් විදු දැණුම පතුරමින් ගරු සරු ලබමින් යළිත් මම පාසල් ඇවිත් කරුණාබර දෙනෙත දයාබර ඔබෙ කටහඬ අමතක නැහැ මට එකේ පන්තියෙ නමුත් නුඹ තව
Image
  මාරුතයේ සිසිලසට ලොබව නිසසළව අඳුරු පියසක උණුසුමක් සොයා යන   ඒක සෛලික හිමිකමක් හද දරා මහා මෙරක් මහඟු ඵලයක් වනතුරුම සටනක්   සුගන්ධවත් කුසුමක චමත්කාරය මතක පිටු අතරම දරාගෙන සහස් දුඛ්ක දෝමනස්සයන් සිනා සළු තිර පටින් සඟවාන   කතර අතරමං බව දැනගෙනම දරු මුණුබුරන් විඳින තම පැතුම් අත් හරින කතක නාමය මවයි ඈ කීවාද  

ගමෙන් හසුනක්

 මොන අගුළු දැම්මත් ගමේ අපි නම් තවම නිදහස් වවාගෙන අලයක් කොලයක් කන්නෙ අපි නොමවී රටකට බරක් අනාගත් බත් පත උගුරෙන් පහළට යන විට හිරවෙනවා දැනෙනවා නිතරම මලේ උඹ බඩගින්නෙදැයි හිත මට එක් කුස උපන් ඔබ මට බාල තත්පර ගානකින් වෙද කරුම ග්‍රහචාරය දෙතැනක රැඳවුවා අප නෙව තාත්තා විස්සෝපයෙන් මතක් කල විට අම්මා නම් කීවේ දිවි ඇති තෙක්ම නුඹ දවසකදී එතෙර කරවනා බව සසර සයුරෙන් අප හත්මුතු පරපුරම ඉගෙනීමටත් හරි දස්සයි හරබර දම් දේසනා සුමධුරමයි  ඉඩ කඩම් දේපොලත් බොහොමයි ගෝල තැන සුදුසුම කොළඹටයි ලොකු උන්නාසෙගෙ ගෝල නම වඩිනවා සයුරෙන් එතෙරට අඩු පාඩුව පුරවන්නට ඒ පෙදෙසට යන බව දැනගත්තෙ ගිය පෝයටය මළපොතේ අකුරක් නොදැනම කට්ටි පැන පැන ඉස්කෝලයෙන් මම මායියෙක් ගෙන ආවෙන හේනේ මගෙ පැලට කොහොම එන්නද ඔබ දකින්නට දුරු රට වසංගතය මහ දරුණුයි පැතිරෙන්නෙ කාටත් නොදැනීමයි මුඛ වාඩම සහ අත් සේදීමයි ඔසු නැති මේ ලෙඩේ වලකන මගයි ළඟදි මායියා බැලීමට ආ මිඩ්වයිෆ් නෝනා කියනවා මට ඇසුනා පේරු දානය සකසා එවන්නට එපා යයි පණිවිඩය පන්සලෙනුත් ළැබුනා අගුළු දාලයි කොළඹ රට හෙළ්ලුම් බොරුය නිවසෙන් පිට අහසින් ඇවිත් පොලෝසියේ මහතුන අල්ලා ගන්නෙ එහෙ මෙහෙ ඇවිදින අය විස්ස විජ්ජා...

මල්

Image
 නිදහසේ අතු අග පිබිද රිවි කිරණ ලබමින් නළ හා දඟ කරන පිපුනු මල් නහවනතර යොදා සෙනෙහස් දිය තැලී පෑගී පිනි කඳුළු සඟවන දිය පොදක් නොලබන මලානික වන රුව සුවඳ නැති කුසුම් දුටු විට සෙනෙහෙ සිසිලෙන් නිවා සනසා අනාගතයට මගක් පාදා අත හැරිය යුතුමයි හෙට උන් පිපෙනදා ඉඩක් පමනක් හදේ රඳවා Today Sri Lanka celebrates International Children's Day. We love our own children and give them all they want. However if we could support any needy child without expecting anything the world will be a much better place tomorrow.

පැතුම් පොදි

Image
 

මිල

Image