නිදහස

 


නිදහසේ අරුණැල්ලෙන් ඔදවැටී

කුටුම්බයේ කුදු මහත් කාරණා නිදහසේ 

මීක් නොකියා සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ කර

සැනසුම් සුසුමක් හෙළමින්

රාස්සිගේ අව්ව වැටෙන යාමයේ

වීර පුරන් අප්පු හෙළ විරුවා 

නිදහස් සටනට උර දෙනයුරු

රූපවාහිනියෙන් නරඹද්දී.....


රැව් පිළිරැව් දුන් නිදහස් සියොත් නද ඇසී

කුරුබිළියෙන් එබිකම් කර බලද්දී

ගෙවත්තේ තුරු වදුලේ

යුහුසුළුව විහඟ කැදලි රැඳුනු තුර

අතු වෙත සරණ සපුවෙකුය

තුරු පත් අතර හැංඟි මුත්තම් සෙල්ලමේ

කෙල පැමිනියෙකු බඳු කුරුළු ගොයෙක්ය

පරිසරය විඳගන්නාසේ සුරතල් කම් පානා 

ගෘහාධිපතිනියගේ සිත් ගත් බිළාලයාය....


ඛේදයකි මේ සියොතුන්ගේ ජීවිත

කෙතරම් නිදහස්දැයි උන් පියාසලද්දී

ඊර්ෂ්‍යාපර්වශ සිත් ඇතිවූ මම

වැරදි කරුවෙක් නොවෙම්ද?

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්