මාරුතයේ සිසිලසට

ලොබව නිසසළව

අඳුරු පියසක

උණුසුමක් සොයා යන

 

ඒක සෛලික හිමිකමක්

හද දරා මහා මෙරක්

මහඟු ඵලයක්

වනතුරුම සටනක්

 

සුගන්ධවත් කුසුමක චමත්කාරය

මතක පිටු අතරම දරාගෙන

සහස් දුඛ්ක දෝමනස්සයන්

සිනා සළු තිර පටින් සඟවාන

 

කතර අතරමං බව දැනගෙනම

දරු මුණුබුරන් විඳින

තම පැතුම් අත් හරින

කතක නාමය මවයි ඈ කීවාද

 

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්