පූස් කතා 3
දැන් නිවසේ ටුටූ , පූසි , ඈෂි , වින්කි අප හා ජීවත් වූහ. එක් දිනක් ටුටුවා අමුතු විදිහකට කෑ ගසමින් නිවස වටා ඇවිදින බව ළමයින් කියූ අතර අපි සිතුවේ ඔහු මානසික අබාධයකටවත් ලක්ව ඇති බවයි. ඒ වන විට අහිංසක ටුටුවා තක්කඩි මැර ටුටුවෙකු බවට පරිවර්තනය වී හමාරය. හොම්බ කට හැම දා තුවාලය. කෙසේ හෝ හොරේ අහුවුනේ පුංචි පූස් පැටියන් දෙදෙනෙකි පිටුපස නිවසේ තාප්පය උඩින් මතුවන බව දුටු විටය. ටුටුවා අනතුරක් කරයි යන බය නිසා (ඒ නිවසේ පදිංචිකරුවන් සිටියේ නැත. ) තාප්පය උඩින් පොල්කට්ටකට ආහාර ස්වල්පයක් තබා පැටවුන් එළවා දැමීමි. එක් පැටියෙක් කෙසේවත් යන්නට අකමැති විය. පූස් අම්මාගේ නාදය නෑසූ කන්ව අප නිවසටම ආවාය. ටුටුවාද කිසි හිරිහැරයක් නොකල අතර ඈෂි සහ පූසි නොරිස්සුම් සහගත වූවා පමනි. එක් උදයක කුඩා පූස් පැටවෙකු ගරාජයේ මියගොස් ඇති බව දුටුවෙමි. ජනේලයෙන් මම දැක්කේ එළවා දැම්මත් පැමිනි පැටවා විලසිනි. මගේ සිත ශෝකාකූල විය. විගස දුව ගොස් බලන විට ඒ වෙනත් පැටියෙකි. ඉතින් එදා උදයේ නම් පැටියා ආවත් මා සිටියේ නොදුටු විලසකිනි. ගමනක් ගොස් පැමිනි තාත්තලා සහ පුතුන් නම් එළවා දමන්නැයි කීවද ට්වින්කියි නම් ලද ඇය ගෙදර සැමගේ සිත දිනා ගැනීමේ...