කෙවිලියේ අවුරුදු පණිවිඩ නොම දෙන්න

දර ලිප හොයන්නට බැහැ මකුළුවො දැල් බැඳලාය
වී තිබුනාට හාල් මෝලත් වහලාය
කොස් දෙල් අල බතල බඩගින්නට මසුරන්ය
අගහිඟ කමින් මුළු නිවසම පිරිලාය
දිවි සටනේ අරගලයක යෙදෙමින්ම
තෙලබනුවෙන් කතා කරනා දරුවන්ය
උන් රටවල් මාරාන්තික බව දන්නා හින්දාම
මගේ පුංචි කරදර සඟවමි හැමදාම
පුංචිනාට වස්තරයක් අරගෙන දෙන්න
නටන තෙලේ කොන්ඩ කැවුම් බැදගන්න
නෑසියො සමගින් බැහැනේ ගැවසෙන්න
කෙවිලියේ අවුරුදු පණිවිඩ නොම දෙන්න

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්