පිළිතුර ඔව්
රිවි කිරණ විදා
ගස ශක්තිමත් කරයි
කුසුම් තුරු මත පිපුනත්
සුවඳ සත හට දැනෙයි
බිඟුන් ඇදී ඇවිත්
පරාග විසුරුවයි
පැණි වල රසය
ගසට දැනුනා නොවෙයි
ඵලය රස විඳින්නට
ඇදෙන්නේ වඳුරු රෑනයි
ගස සිටෙව්වේ කවුද
උන් නම් අසන්නෙ නැතුවයි
Comments
Post a Comment