හිංසනය

වසාගන්නට තැත් නොදැරූ
කුසුමලතාගේ කොපුලත
අවලස්සන කළු සළකුණු
කටගොන්නක් බී ගත්
සමරපාලගේ හස්ත මුද්‍රා බව
දැන දැනත් මීක් නොකියුවේ
ක්‍රීම් තලි තලි ගාලා
ෆවුන්ඩේෂන් ආදි මෙකී නොකී
විච්චූර්ණ පාට ජාති වලින්
ඉංජිනේරු මහත්තයාගේ අත් පාර
කුටුම්භය රැක ගැන්මෙ වෙනුවෙන් මකා
ඉස්පිරිතාලෙ රාජකාරියට යන්නට
වහ වහා සාරිය පටලවාගත්
දොස්තර නෝනා වන මා විසින් බව
වසර විසි තුනකට පෙර
සිහිනයෙන්වත් මට නොසිතුනු හැටි


Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි