සුබ පැතුම

සුමුදු සුසිනිඳු සයන අභියස
සුසුම් වැල් පා වෙන සොබා
පෙනී නොපෙනෙන නෙතින් සිටිනෙම්
කාලයේ සරදම් දරා
අසුරු සැනෙකින් අමතකව මග
ඔබේ දැසේ කිමිදිලා
සොයා සැනසෙන්නට පතන්නෙමි
සසර ආයෙත් ඉපදිලා
නික්ම යමි යන බවක් නොකියා
සසර හමුවන පැතුමක් දරා
මග බලා වෙහෙසෙනු එපා ඔබ
හෙටත් අද සම විය හැකි නිසා
සිනහා වරුසාවෙන් තෙමෙන්නට
පතමි සුබ පැතුමන් හද පුරා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්