පුලන්නෙකු වූ මානවක


කැඩුනු තුන් රෝද රිය
සදාගන්නට අත නැත මුදල
කාසි දෙනු හැකිනම් මට
පිනක් අත්වේය ඔබ හට

නවමු වදනක් සොයාගෙන
පුලන්නෙකු වූ මානවක
කනේ කරාබුවකුත් දමාගෙන
කිලිටි සළු ඇත වත දරාගෙන

රවටනු ලැබුවෙමි
රවටන්නට ඉඩහරිමි
නොසිතාම වැඩි නීති
ඉල්ලූ මුදල අත තැබුවෙමි

ඇවිද ඔහු යන දෙස
බලා සිටියෙමි නොවසා ඇස
පුලන්නෙකු දෝ නැතිදෝ ඇසූ නිසා සිත
තවත් මෝටර් රියකට දුර ඈත
අත පා නැතිව කාලය ගතකොට
දුටුවෙමි තුන් රියක නැග යන අයෙක් දුර

හමුවුනොත් ඔබටත් දිනක
මේ කතාව කියනා අය
නොඅසා නොම ඉන්න
තාමත් තුන් රිය හදා ගත්තේ නැද්ද


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්