අගරපතනේ දියට බිලිවූ දැරිවියන්



සවන පතිතවූ සීනු නාදෙන් පේළි සැදී පාසැලෙන් එන්න ඇති
මිතුරු මිතුරියො හෙටත් හමුවන සිත දරා උන් සමුගන්න ඇති
බොරළු කැට වන් වැහි ඊ වැදිලා සාගින්දර කුස පත්තු වෙන්න ඇති
ගෙදර වැඩ දුන් ඉවර කරනට තෙමි තෙමී පය ඉක්මන් වෙන්න ඇති

එකම පාරේ එකට යන අය එදා උදයෙත්  දකින්නට ඇති
පසුදා උදයේ ඔවුන් නොදකියි කියලා කිසිදා නොසිතෙන්න ඇති
වැසි වැටීලා දිය ලැබීලා සැඩ පහර මහ ගසා යන්න ඇති
වෙනදා පුරුද්දට බියක් දැනුනත් ජල පහරට පය ගසන්නට ඇති

මහා ජල කඳේ පැටලී බේරෙන්න දඟලා උත්සහ දරන්නට ඇති
මෙලොව කාලය හමාර වීලා ගැලවෙන මං හැම වලක්වන්න ඇති
ගෙදර මා පිය හදේ සෝ ගිනි අවුලවා වැහි දිය ඔහේ ගලා යන්න ඇති
යන මග හොඳනම් පාර හොඳ නම් වැස්සට දිවි බිලි නොවී තිබිය හැකි

Comments