“තාත්තා අතපත්තු; අපිට නැහැ සපත්තු”


තාත්තා අතපත්තු
අපිට නැහැ සපත්තු
මේ පද ද්විත්වය තුන් රෝද රියක ලියවී ඇති බව දුටු මා මිතුරිය හැකි අදාළ වන්නට කවි ලියන්නැයි අභියෝහයක් කලාය. ඉතින් මම පහත වදන් එක් කර කවි පන්තියක් සෑදුවෙමි



තාත්තා අතපත්තු
අපිට නැහැ සපත්තු
දෙස්පළුවො නිදිගත්තු
නෑ බලන්නේ අපි දුප්පත්තු

බසයට වදෙන් පොරෙන් නැගගත්තු
තෙරපෙමින් මැද පෙල සිටගත්තු
රස නැති ගී බලෙන් අහගත්තු
ගමනාන්තයේ දැනුනේ කෙඩෙත්තු

පොරණ අප මී මුත්තු
දුකසේ පෙමින් රැකගත්තු
බස වනසන දූ පුත්තු
දවයි හද කර පත්තු

තුන් මුනින් දාඩිය නාගත්තු
කළකිරීමෙන් හැඩ ඇදකරගත්තු
ලියමනේ තිබූ තැන හොයාගත්තු
දිගු පෝලිමේ අගම අල්ලා ගත්තු

සම්මුඛ පරිස්සනේ උගත්තු
ඇහුවේ නෑ දේ ගැන මා ඉගෙනගත්තු
නැති නිසා මට සපත්තු
ගෙදර යැව්වේ කියා දන්වන්නම් අතපත්තු

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි