සිත් පැන

රඟන රැඟුමට මනස කළඹන

හැඩයි අනගියි සැවොම පවසත
තිසර පියපත් සැලෙන දිදුළන
වසනු සොඳමයි පසුපසේ රඟ

කෝකිල කූජන මන පිනවූවද
කාහල නද අසන්නේ කවුරුද
ලොවට දෙසනා බන දෙසුම් සැම
තම සීමාවට හෙම අදාළ නොවේද

විසඳන්න ගැටළු ප්‍රශ්නයට පිටින් හිඳ
කාරණා ගැන අවබෝධ දරමින
පහත් තැනකින් දිය ගලන ලෙස
යටි පෙල පමණක් අමතන්නෙ කිම

අසන දකිනා අසාධාරණ
දකින විට කකියන මගේ ලෙය
ආණ්ඩු මට්ටු කරගන්න විඳවන
මගේ හද හඬ ඔබට ඇසුනද

තහංචිය විලංගුලමි භාෂණයට
යටව වසනෙමි මුදලෙ බලයට
නොමැති නිදහස මගේ කරගෙන
අධව බිහිරිව ගෙවමි දිවි අද


Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි