Posts

Showing posts from March, 2019

සරුංගල්

Image
පාට කඩදාසි චීනයෙන් ගෙන්වලා පුංචාගේ වත්තෙ ඉරටුවල ඇලවිලා නම නොදන්නා රටක නූල් පොට පටලලා රැළි දමා හැඩ බලා කාසි ගෙන විකුණලා මීගමුවෙ වෙරලෙ සුළං හා දඟ කලා මුදල් කොල අහුරකට සරුංගල් විකිණිලා විදෙස් කත තොසින් ගෙන ගුවන් ගත කලා

අවසන් කැමැත්ත

නියතය අනියතම වු කල පසටම හැරෙනු වස් ගත නොකපා කිසි රුකක් මිහි මත මිහිදන් කරනු මැන කවන්ධය පසු දින ඉර නැගෙන්නට පෙර තුරු මත පිපි කුසුම් පුදනු සුදුස්සෝ දෙව් බඹුන් බොහෝ අඩුපාඩු ඇත්තෙන් පුෂ්පෝපහාරයන්ට නුසුදුස්සෙක් වෙම් මිහිදන් කල තැනක් හඳුනාගනු හේතු නැත්තෙන් නාම පුවරු කිසිත් අනවැසියි ලියා තබනෙම් ආදර අනාදර සිත් තුල මතකයක් රඳවන්න වෙහෙසෙමි මම සිහි වන විට මද හසක් පුබුදින ඉඳ හිටක දවසක මතුවුනොත් සිතුවිල්ලක සොයා කුසගින්න ඇවිලෙන මුව දන් දෙන්න ඔබට මට පින් පිණිසම

විදු ගණිත තාක්ෂණ ඉංජිනේරු විෂයන්හි කාන්තා දායකත්වය ඉතා අඩුය #women&girlsinscience

මහා විදු සයුරු තෙර කළඹවා මිහි තලය පණපොවන දැනුම් කඳ විදු මවුන් දෙන බෙදා දූ දරුවන්ට එක ලෙස ප්‍රයෝජනයට ගන්නා අයුර වෙනස්ය කත හා පුරුෂයන් අතර තරු දිදුළ අහස තුළ දැළඹුවන් සමනලයන් වන විහඟ ගගන තල පුරා පියඹන අරුමයක් පමණක් නොවේ ඇයිද එසේ වන්නේ පැනය ඇත ශ්වේත වර්ණ අස්ථි පංජර මහා පිපුරුම් න්‍යාය ඇතුළුව නිරීක්ෂණ ගවේෂන උපකල්පන අතර විදු ගණිත තාක්ෂණ විෂය ධාරා වන්හි බාලිකා නියෝජනය මදකමට කුමක්දෝ හේතුව රැක ගන්නට ඔහුගෙ තැන බබළන්නට එම විෂයන් අතර කපා දැමුවාද ඇගේ නම සොරකම් කර ඇය නව නිමැවුම් අදහස් රැස විද්‍යාවේ පෙරළි සොයන විට ලැබෙන්නේ ඛේදවාචකයි ගැහැනුන් හට විඳින්නට සිදුවුන උදාහරණ ලෙස හෙලන් ශාමන් පුරවැසි එංගලන්තය නවසිය අනූ එකේ නැගුනයි කක්ෂ ගත යානාවට ඇගේ නාමය කරමින් අමතක නිතොර ලබා දෙන්නේ විස්සයි පහලවේ උඩු ගුවන් ගිය තොමොති පීක් නම මානව පරිගණක ලෙස කටයුතු කල විලියමිනා ෆ්ලෙමින්ගා හා ඇනී ජම්ප් කැනන් හෙන් රිටා ස්වෝන් ලෙවිට් සහ   ඇන්ටෝනියෝ මෝරි හැඳින්වූයේ ඇයි පුරුෂ පිකරින්ගෙ අන්තපුර ලෙස ජෙරී කොබ්ස් වුනේ කොහොමද මර්කරි දහතුන අපි සො...

Memories

A meeting was scheduled after lunch With the Uniformed Army personnel Of the host country I will serve As a customary visit of the office An amusing thing happened then Meeting brought back memories of the past That I have forgotten I thought Sneaking into the camp then To meet my father during weekend Together with my sibling and I Wanted to feel the warmth and love we seek Morning time he had to work We are kept in the closed quarters Father’s buddy poor corporal Knew nothing but to fight With no choice to keep us safe Trained us the skills he knew well We will take a rifle and dissemble Resemble again as in a competition Corporal will be the time keeper Who would at last announce the winner With the enthusiasm of a victorious officer Another game we have played Zigzagging to avoid a gun shot I had a favourite part of a game Called the barbed wire training Years passed memories gone I took office to protect the child ...

සිත් පැන

රඟන රැඟුමට මනස කළඹන හැඩයි අනගියි සැවොම පවසත තිසර පියපත් සැලෙන දිදුළන වසනු සොඳමයි පසුපසේ රඟ කෝකිල කූජන මන පිනවූවද කාහල නද අසන්නේ කවුරුද ලොවට දෙසනා බන දෙසුම් සැම තම සීමාවට හෙම අදාළ නොවේද විසඳන්න ගැටළු ප්‍රශ්නයට පිටින් හිඳ කාරණා ගැන අවබෝධ දරමින පහත් තැනකින් දිය ගලන ලෙස යටි පෙල පමණක් අමතන්නෙ කිම අසන දකිනා අසාධාරණ දකින විට කකියන මගේ ලෙය ආණ්ඩු මට්ටු කරගන්න විඳවන මගේ හද හඬ ඔබට ඇසුනද තහංචිය විලංගුලමි භාෂණයට යටව වසනෙමි මුදලෙ බලයට නොමැති නිදහස මගේ කරගෙන අධව බිහිරිව ගෙවමි දිවි අද

තරු කතා

දිළෙන තරු හිතුවට අහස මෙතරම් හැඩ නිවි නිවි දිළෙන විට ධූම කේතුත් කියන්නෙ පෙනෙන්නේ හැඩ මහා දිග වලිග නිසා වග තරු වලට කත් අදින සඳවල් නම් පිළිගනී මේ හැම මුසා හිස් මුදුනින්ම මණ්ඩළ හදන්නට  නැතිවුනොත් ග්‍රහයන් හා ග්‍රාහක චක්‍රාවට කොහෙද අහනවා උපහාසය මතුකර දඩබ්බර ග්‍රහයන් තැන තැන