අවසන් කැමැත්ත

නියතය අනියතම වු කල
පසටම හැරෙනු වස් ගත
නොකපා කිසි රුකක් මිහි මත
මිහිදන් කරනු මැන කවන්ධය
පසු දින ඉර නැගෙන්නට පෙර
තුරු මත පිපි කුසුම්
පුදනු සුදුස්සෝ දෙව් බඹුන්
බොහෝ අඩුපාඩු ඇත්තෙන්
පුෂ්පෝපහාරයන්ට නුසුදුස්සෙක් වෙම්
මිහිදන් කල තැනක්
හඳුනාගනු හේතු නැත්තෙන්
නාම පුවරු කිසිත්
අනවැසියි ලියා තබනෙම්
ආදර අනාදර සිත් තුල
මතකයක් රඳවන්න වෙහෙසෙමි මම
සිහි වන විට මද හසක් පුබුදින
ඉඳ හිටක දවසක
මතුවුනොත් සිතුවිල්ලක
සොයා කුසගින්න ඇවිලෙන මුව
දන් දෙන්න ඔබට මට පින් පිණිසම

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්