විදු ගණිත තාක්ෂණ ඉංජිනේරු විෂයන්හි කාන්තා දායකත්වය ඉතා අඩුය #women&girlsinscience
මහා විදු සයුරු තෙර
කළඹවා මිහි තලය
පණපොවන දැනුම් කඳ
විදු මවුන් දෙන බෙදා
දූ දරුවන්ට එක ලෙස
ප්‍රයෝජනයට ගන්නා අයුර
වෙනස්ය කත හා පුරුෂයන්
අතර
තරු දිදුළ අහස තුළ
දැළඹුවන් සමනලයන් වන
විහඟ ගගන තල පුරා පියඹන
අරුමයක් පමණක් නොවේ
ඇයිද එසේ වන්නේ පැනය
ඇත
ශ්වේත වර්ණ අස්ථි පංජර
මහා පිපුරුම් න්‍යාය
ඇතුළුව
නිරීක්ෂණ ගවේෂන උපකල්පන
අතර
විදු ගණිත තාක්ෂණ විෂය
ධාරා වන්හි
බාලිකා නියෝජනය මදකමට
කුමක්දෝ හේතුව
රැක ගන්නට ඔහුගෙ තැන
බබළන්නට එම විෂයන් අතර
කපා දැමුවාද ඇගේ නම
සොරකම් කර ඇය නව නිමැවුම්
අදහස් රැස
විද්‍යාවේ පෙරළි සොයන
විට
ලැබෙන්නේ ඛේදවාචකයි
ගැහැනුන් හට විඳින්නට
සිදුවුන
උදාහරණ ලෙස හෙලන් ශාමන් පුරවැසි එංගලන්තය
නවසිය අනූ එකේ නැගුනයි
කක්ෂ ගත යානාවට
ඇගේ නාමය කරමින් අමතක
නිතොර
ලබා දෙන්නේ විස්සයි
පහලවේ
උඩු ගුවන් ගිය තොමොති
පීක් නම
මානව පරිගණක ලෙස කටයුතු
කල
විලියමිනා ෆ්ලෙමින්ගා හා ඇනී ජම්ප් කැනන්
හෙන් රිටා ස්වෝන් ලෙවිට්
සහ ඇන්ටෝනියෝ මෝරි
හැඳින්වූයේ ඇයි පුරුෂ පිකරින්ගෙ අන්තපුර ලෙස
ජෙරී කොබ්ස් වුනේ කොහොමද
මර්කරි දහතුන අපි සොයා
බලමුද
නව ලොව ඉතා දියුණුය
සම නිසි තැන් ඇත කතුනට
ඉතින් කවුරුත් කියනා
බස
දැරියනේ අහනනෙ කුමකට
විදු ගණිත තාක්ෂණ විෂය
අකැපයි කතට ඒ මුසාමය
කියවා හදාරා එතෙර යමු
විදු දම් සයුර ලොව දිනන්නට
මුතු ඇටය ඉන්දියන් සයුරේ
පෙනුනද තිතක් ලෙස සිතියමේ
දිනූ කතුන් බොහොවේ
පුරුෂ සෙවනැළ්ල ඔවුන්
සැඟවුයේ
සිහින දකින්න ඉලක්ක
හදන්න
දැණුම ලබන්න ධෛර්‍යය
අරගන්න
ජීවිතය දිනන්න ලොව ජයගන්න
මදහස් පාමින් සැම දින
සිටින්න
Comments
Post a Comment