ආදර මල් සුවඳ
එදා මොර සූරමින් වැස්සා
කට්ට කරුවල දසත විහිදා
සීරුවෙන් පස්සා දොරෙන් මම
බරණින් සැරසී සූසැට
ඔබේ තුරුළට සෙමින් ආවා
විහිදුනා සුවඳක්
ඒ ආදර මල් සුවඳක්
වින්ද තරම් මම
ජීවිතය…
දෙකන් පෙතිවල පාලුව
නැසූ කරපිංචා නැට්ට
සොයා ගන්නට බැහැ
කුලී ගෙයි කාමරේ
වසරක් දැන් අප පෙමට
මල් සුවඳ ඉව ඇල්ලු
නාස් පුඩු සිසාරා
පිරී ගිය දුම් සුවඳ
රහමෙරින් පෙඟුණු ඒ
මුවින් ළද චුම්බනය
ජුගුප්සාජනක සර්පයෙකු
එතෙනවා මගේ ගත
රෑ දවල් නොවෙනස්ව…
ඉවසපන් හිත කියයි
දත් විලිස්සුවාද බුද්ධිය
කොස් ගෙඩියක් නොදුටු
මන්න පිහිය
කෙසේ ආවාද අතට
සිහිනය මගෙ නිමයි
එහෙත් නැත නෙත කඳුල
Comments
Post a Comment