පාළුව


අල්මාරියෙ මැද තට්ටුව
පිළිවෙලකට අස් වෙලාය
සුදු රැලි රැලි ගවුම් තුනම
නැමී හොඳට සැතපිලාය
ටයි පටියත් ඔහේ එල්ලී
සුලඟ සමග නැලවිලාය
පොත් මේසයෙ පොත් අද නෑ
පාළුව මගෙ සිත පුරාය


Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය