මම මගෙ සහ මම


විවාද කථික තරඟය ජයගත් දැරිය
නගිනවා වේදිකාවට
අලුත පත් මන්ත්‍රී තුමා මම
දෙනවා කුසලාන ඇය හට
මතක පාරේ සමරු සටහන්
ඇඳෙනවා නෙත් මත
කඹුරාපු වලව්වේ ඇගේ පියතුම
සිහිවෙනවා මේ දැන් මට
ඇය නිනවුවක් නැතිවු විලසට
බහිනවා පඩිපෙළ
මගේ කරගනු බැරිය ඇය මට
නැහැ දෙන්නෙ කාටවත් ඉඩ
ඇගේ කරගන්නට මාවම
අඳිනවා පිඹුරුපත
මුවැත්තිය මා උගුළට අසුවී
බලනවා මා දෙස
දායාද සමගින් ගෙනා බිරිඳට
පෙන්වලා හොඳ හිත
අවැසි සැමදේ නිති තියමි මම
අසල ඇගෙ පා යුග
කිරිල්ලිය වෙසෙනා ඉසව්වට
ඇහැකි හැමදාකට
යන්නෙමී මම 
විඳින්නට......


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්