මම සහ ඔබ
යොවුන් විය
හදබිමේ සෙමෙන් පා අඩි තබා
ජීවිතය ඉල්ලූ
මානවකයා ඔබ
හදදෙවොල බැඳි
පවින් ආගමේ නාමයන්
උපන් බිම
අහිමිවූ මානවිකාවියයි මම
හිසට වහලක්
සමග දෙවෙනි මව් සොයාදුන්
මගේ හද
පැහැරගත් පෙම්වතා ඔබ
පෝරු මස්තකව
පැන් අත වත්කොට
නෑ සනුහරයක්
දිනූ පින්බර මනාලිය මම
අළුත් ගේ
හදාලා අවැසි වතාවත් කර
කුළුඳුලේ
දරුගැබට රැකවරණ දුන් පියතුමා ඔබ
කුරුළු
පැටවුන් සම දරු නිතර රකිමින්
කුස පුරවා
සෙනෙහෙන් සතපන අම්මා මම
දරු බර
නොතකමින් බුද්ධියේ නිම් වළලු සොයන්නට
නිතර දිරි දෙන
මගේ අයියන්ඩියයි ඔබ
බත ඉදෙන
තුරුවත් අමනාපකම් නැතුව
සාමයෙන් ඉන්න
වෙර දරන ප්රිය බිරිඳ මම
සරදමකට සිතින්
පමණක් සිනහවෙන
ඇසු පිරූ තැන්
ඇති මහා දැනුමැත්තා ඔබ
ප්රශ්න කිසි
නොවිමසා සැළසුම් වළට එකඟවන
බැරි දේ
බැරිමයයි කියන හිතුවක්කාරියයි මම
සෙවනැල්ලසේ
රැඳී බණට දහමට දානයට
මගේ සිත
යොමුකරණ ඉටු දෙවිය ඔබ මට
Comments
Post a Comment