ආරංචියක්


ආගන්තුකයෙකු
අනවසරයෙන්ම විත්
පැදි පෙළක පද අතර
සිත හැඟුම් හංගලා
නෙක පාටකූරු රැස
මා දෝතටම දී
අසුරු සැනෙකින් ගියා
හද පුරා සිත පුරා
ඒ පාර තවරලා
පාට දේදුනු අසිරි
විඳගතිමි සතුටින් මෙමා

සිනා මල් දෝතක් අරන්
ළබැඳි ඇය පැමිනිලා
සෙනෙහෙ කොලයක සුවඳ
මගේ හිත තැවරුවා
නෙත පුරුදු පැදි පෙළක
මගේ නෙතු නැවතිලා
කඳුළු කැට සිත පුරා
දඟකාරකම් කළා


Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය