යුක්තිය


ඔවූහු
මා කුදළාගෙන ගොස්
දෑස් අන්ධ කර
දෙසවන් බිහිරි කර
දිවද ඇද කපා දමා
හිරි ඔතප් බිඳ
නයනයුග 
කඩතුරාවෙන් වසා
තුලාව යළිත් සකසා
මා අත තබා
අලුත්කඩේදී
මුදා හැරියහ




Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය