සුසුදු සිත


ඉදල් පහරින් මිහිකත
සුපිරිසිඳු කළත් මම
අපිරිසිඳු වීම ගත
කොහොම වලකන්නෙ මම
සිත මගේ සුසුදු බව
දැන දැනත් හොඳහැටිම
පිළිකෙව් කළා ඔබ
මසිත පිබිදුනු සෙනෙහෙ මල
කසල නැති වීදිවල
සැරිසරා නිශායම
විලවුනේ සුවඳ පොද
දවටමින් නිතර ගත
කිලිටි කරගතත් ඔබ සිත
නොවෙනස්මය මගේ සිත

Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය