රාජකාරිය දේවකාරිය


පොඩි දෝණී අප්පච්චිට ගීත තනන්නා
යළිත් එන්න අප බලන්න පද ගළපන්නා
තරු කැට අර සෙමින් බලා සිනා සලන්නා
අමාවකයි මගෙ ලෝකෙට නොකියා කියන්නා

තණතුරු හා රාජකාරි ඔබට වටින්නා
හූනා කියූ අනාවැකිය කනට නොගන්නා
පොද වැස්සේ ඔබේ ගමන ඔබ පියමැන්නා
දුවයි මමයි පිලේ ඉඳන් බලාන උන්නා

පණිවුඩ ගෙන ඔබ මිතුරන් ගෙදරට එන්නා
අපේ ලෝකෙ රජ්ජුරුවෝ ගේ මැද සැතපෙන්නා
දුවත් මමත් අද දින සිට ගෙයි තනිවෙන්නා
ඔබ එනමුත් නෑසු කන්ව සිනා සලන්නා



Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්