නැවතීම


ළවැලි තලා විසිරී ගිය
ශාන්තවූ මෙබිමේ
තනි රකින්න ඉහ ඉද්දර
කුරුස ගසක් පවතිනු ඇත
සිමෙන්ති පුවරුවක මගේ
නම සටහන් කරන නිසා
රියන් හයක බිම් තීරය
මගෙයි කියා පවසනු ඇත
මා තනිකර දමා එද්දි
මා පිය හැම මිතුරු දනෝ
හෙළු කඳුලැල් මුතුකැටවී
රැයේ එළිය ගෙනදෙනු ඇත
අවසන් දින ඔබ මා හට
ගෙන ආ සුදු රෝස කුසුම
පරවී මිලිනව තනිවම
ඉකිබිඳ හඬනා රාවය
රැව් පිළිරැව් නාද දිදී
අවකාශයෙ පැතිරෙනු ඇත


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්