තුමණි
තුමණි ඔබ ඇසිය යුතු කතාවක් මගෙ තිබේ
පියා මගෙ කැපවුනේ රට රැකීමට අනේ
ඒ මගම මම ගියේ හිතට එකඟව මගේ
උසස් නිළ දරද්දී සිත මගෙ පෙම් බැඳී
කැදැල්ලක් තනාදී කුරුළු තෙම රට රකී
සිහළ අවුරුදු තනිව සැමරුවේ මම ගෙදර
දූ උපන් ඒ දවස රජකළා සිනහාවත
රණවිරුවා පණ කළඳ පුද දුන්නෙ කෙසේ වෙද
තුන් මසක ළදැරියක වගකීම මගේ අත
දෙවැටුපකට හිමිකාර
වත මගේ හැඩකාර
දකින නෙත වදකාර
ඉරිසියා බරසාර
කලින් සේවය හැරදා
යන්නයි ඔබ කියන නිසා
වැන්දඹු මෙමට කළ දෑ
පාරාවළල්ලක් වේවි යම්දා
Comments
Post a Comment