පින් මද පුතුට


දිනම හතලිස් පහක්
දූටු කිරි සිනහා වාසනාවක්
රෝගයක හෙනයක්
නිම කළා පණ කෙන්දක්
පුතුනි හිත දුකින් පිරුණත්
මගේ පසුම්බිය අද හිස්
ගමට ගෙනියන්න විදියක්
සිතද්දී ලැබුනයි තේ පෙට්ටියක්
තුන් රෝ රියක නැගුනේ
කරන්නයි ඔබ මිහිදන් ගමේ
ඉහළම වත් පිළිවෙතේ
යෙදෙන සිත තිබුනත් මගේ
පුත අප අතර ඉපදෙන්න
නොම පතමි ඔබගෙ පිය
නිසි අවමඟුලක් ගන්න
හැකි පවුලක යළි ඉපදෙන්න
(පුවත්පතක තිබූ පුවතක් ඇසුරෙනි.)

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්