මානව හිමිකම්
මාසය ජනවාරි
නවසිය තිස් තුනේ
ගෙන ඇවිත් විනාශය
යුරෝපයටම වගේ
සුපිරිසිඳු ජාතියක්
තනන්නට සිත්වුනේ
මහා ජන සංහාරයයි
ජර්මනියෙ ඇතිකළේ
වද කඳවුරු සමග
වහල් සේවය මදිය
ගෑස් කාමරයෙ සැප
බලන්නත් ඕනමය
තවත් වද බොහො ඇතිය
සිතන්නත් මට බැරිය
ඒත් ඔබ කියාවි
ඇයි ජර්මනිය විතරක්?
බටලන්ද අමතකද
83 කළු නොවෙද
කැබිතිගොල්ලෑව ගැන
කථා අපි කළ යුතුද
ඖෂ්විට්සිම නොවේ මේ
බුදුන් වැඩි දේශයේ
අතීතේ අඬහැරේ
එකඟවෙමි ඔබ සමග
ඒත් කිවයුතුයි ඔබට
තවත් ජනවාරියක
හතලිස් පහේ නවසිය
යුදෙව් ජනයාට නම්
සැනසිල්ලක් ලැබින
ඒත් අපිට?
Comments
Post a Comment