එකමග යනු බැහැ


පිණිකැට විසිරුණු
තණපත් අතරින්
පා පොඩි තබමින්
පියමැන යන්නේ
පාසල් මෑණිගෙ
උණුසුම් තුරුළට
ආදර නංගියෙ
ආසයි එන්නට
ඔබ හා සමගින්
එකමග යන්නට
චුටි නංගි මා
උකුලෙ තබාගෙන
මල්ලිගෙ පාඩම්
වැඩත් බලාගෙන
ඉන්න ඕනේ ඔහු
කටගැස්ම හදාගෙන


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්